Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගෝහාර්

About this book
කූඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘත්තාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ළගම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇයගේ මුහුණ සුදුමැලි වී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලූවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ටතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහා\ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය. ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්ම සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි. පාඨක ඔබේ රසවින්දනය ත‍්‍රිව කරනු වස් මෙහි සමහර සිදුවීම් ප‍්‍රබන්ධයක් කොට මා නිර්මාණය කරමි. එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ‍්‍ර කොට ගෙන නිර්මාණය කල වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි. ගෝහාර් කතාවේ පසුතලයට රටවල් දෙකක් තේමා වී ඇත. එකක් නම් මෙහි ප‍්‍රධාන පසුතලය ලෙස සකැස්වී ඇති අර්මේනියාවයි. එය නැගෙනහිර යුරෝපයේ හිතාමත්ම කුඩා සහා සුන්දර රටකි. මෙහි ගුස්තා කතාවට පසුතලය වන්නේ අර්මේනියාවේ වැනඞ්සෝර් නමින් හදුන්වන අතීශයින්ම සුන්දරවූ කදුවලල්ලකින් වැසුනු විශාල නගරයකි. ශීත කාලයට මෙම කදු මුලූමනින්ම හිමෙන් වැසී යන අතර එය අති රමනීය චමත්කාරයක් උසුලයි. මෙහි තුන්වන පසුතලය වන්නේ ස්විස්ටර්ලන්තයයි. - මුතුමුදලිගේ නිශ්ශංක -
ISBN
9789553493842
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණය නවතා ඇත - Out of Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෝහාර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.