හුදෙකලා බිරිඳ
About this book
හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණෙ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා. කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එයාගෙ ජීවිතය හොයද්දී මම මගේ ජීවිතය හෙව්වෙ අනෙකාගෙ ජීවිතය ඇතුළෙ යි. පුදුම වෙන්න තරමෙ ගනුදෙනුවක් ඒක ඇතුළෙ නොවුණට, මට තවමත් හිතෙනවා. “ඇයි… මගේ ජීවිතයට එක පිරිමියෙක් හොයා ගන්න බැරි වුණේ කියලා.”
මගේ විතරක් නෙමෙයි, අපි හැමෝගෙම ජීවිතවලට ඇවිත් යන.. ගිහින්.. ආපහු එන.. පිරිමි විතරක් නෙමෙයි ගැහැනුන් කොයිතරම් නම් ඉන්නව ද කියලා ආයෙමත් මට හිතෙනවා.
ඒ කොහොම වුණත්… අපේ ජීවිතවලට “අපේ නිවැරදි දිශානතියක් හොයාගන්න බැරි වුණේ?” කියන ප්‍රශ්නාර්ථය තවමත් මගේ හිතේ තියෙනවා.
අද කියන දවස ගෙවිලා යනවා. හෙට කියන දවසකුත් ආයෙමත් එනවා. අදයි හෙටයි අතරෙ අපේ ජීවිතත් එහෙට මෙහෙට දෝලනය වෙනවා. ඒ විතරක් ද… ඔවුන්ගෙ ජීවිත මැද්දෙ මගේ ජීවිතය තව තවත් තෙරපෙනවා එහාට මෙහාට.
ආයෙමත්… මට මෙහෙමත් හිතෙනවා. “මගේ ජීවිතය පාළු වෙලා. මම තනි වෙලා. පිරිමි දෙන්නෙක් හිටියත් මම හුදෙකලා බිරිඳක් වෙලා කියලා.”
නදිනි අමායා විජේබණ්ඩාර
“හුදෙකලා බිරිඳකගේ” සිතුවිල්ලක් ඇසුරෙන්
Details
ISBN
9789553661098
පිටු ගණන (Pages)
203
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review