මීෂා
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සෑම කතාවකටම අතීතයක් ඇත -
මාගේ බිරිද විසින් මා හට කියූ සත්‍ය සිදුවීමක් මූලාශ්‍ර කොට ගෙන මා "ගෝහාර්" ලීවේමී.
ස්විස්ටර්ලන්තයේ පුස්තකාලයකදී දුටු කාන්තාවක් සහා ඇයගේ කදුළු නිසාවෙන් ගිකෝර් කෘතිය සිංහලට පරිවර්තනය විය.
ෆේයිත් හා බැදුනු සුන්දර ආදරය නිසාවෙන් "ත්‍රිත්වත්"
අර්මේනීයාවේ ජර්මුක් සංචාරයකදී කෙචූති කටාරයේ මුරකරු කී කතාවක් නිසාවෙන් "එක දවසක් රෑ" කෘතියත් බිහිවිය.
එසේම - කුඩා කල පාසැල් යද්දි මගේ මව නිතරම දුන් ඔවදනක් වූ "පුතේ බෑග් එක බස් එකේ රාක්කේ තියන්න එපා, අතේම තියාගන්න" යන වචන කිහිපය පසුපස හබා ගොස් "බෝම්බ තුනක්" කෘතියද, භාවනා කරමින් සිටින විට මනසට ආ අදහසක් අනුව "බාබා එක්ස් කෘතියද" ලීවෙමී.
තවත් දින කිහිපයකින්ම ඔබ වෙත එන මීෂා කතාවේ උප්පත්තියටද අපුරූ සිදුවීමක් ඇත.
"දිනක් සංවිධානයේ කාර්යක් උදෙසා වැනඩ්සෝර් බලා යමින් සිටි මොහොතක මට ගැහැනු ලමයෙකුව මුන ගැසින. ඇයත් මමත් වහානයේ පිටුපස ආසනයේ හිදගෙන සිටියෙමු. යෙරෙවානයත් වැනඩ්සෝර් පලාතත් අතර පැය දෙකක පමන ගමන් කාලයක් වූයෙන් එහි පාළුව මකා ගැනීම උදෙසා අපි එකිනෙකා හා කතාවට වැටුනෙමු.
ඇය "ඇමෙරිකානූ සරනාගත සංවිධානයේ ක්රීයාකාරිනියක" බවත් මේ විදේශයක ඈ ගතකරන තෙවැනි වසර බවත් පැවසූ ඇය, ඇගේ නම "පේජ් ඇන්ඩර්සන්" ලෙස මා හට හදුන්වා දුන්නාය.
එතැන් සිට අපි කුළුපගු මිතුරන් බවට පත් වුනෙමු. මා වඩාත් ප්‍රිය කරන රන් වන් පැහැ කොන්ඩයකින්ද, කොල පැහැ දෙනෙතකින්ද ඈ යුක්ත විය. ඇගේ සිනහවත් මගේ බිරිදගේ සිනහව මෙන් අලංකාරවත් සිනහවක් වූයෙන් මා ඇයට ආදරය කරන්නට පටන් ගත්තෙමි.
අපි සති දෙකක කාලයක් වැනඩ්සෝර් වල ගත කලෙමු.
වැනඩ්සෝර් කදු පන්ති දෙස බලාගෙන, කූඩාරම් තුල සන්ධ්‍යාවත් රාත්‍රියත් ගත කලෙමු.
එවන් මොහොතක මා ඇගෙන් ප්රශ්නයක් ඇසුවෙමි.
"මේ වසර තුන ඇතුලත ඔබේ ජීවීතයේ අමතකම නොවන සිදුවීම කුමක්ද?"
මා එසේ අසද්දි සිගරට්ටුවක් දල්වා ගත් ඈ, මවා ගත් සිනහවකුත් සමග අතීතය මෙනෙහි කරන්නට වූවාය.
"ගැහැනු ළමයි දෙන්නෙක්" ඇය කීවාය.
"ඉතින්"
"2018 මම ජොර්ජියානු දේශ සීමාවේ වැඩ කරද්දි මට මුන ගැහුනා අර්මේනීයාවේ හිදන් ජෝර්ජියාවට පලා යන ගැහැනු ලමයින් දෙන්නෙක්ව, එක්කෙනෙක් වයස අවුරුදු 10යක අන්ධ කෙල්ලෙක්, අනිත් කෙනා එයාගෙම අක්කා"
"අන්ධ ගැහැනු ළමයෙක්"
"ඔව්, අන්ධ ගැහැනු ළමයෙක්,
තිරිසනෙක් ඒ පුංචි කෙල්ලගේ.......... "
ඇය කතාව කියන්නට පටන් ගත්තාය.
එය අසා සිටිනවිට වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සංවේගයකින් මා දරීද්‍රව ගියෙමී. මගේ දෑස් කදුලින් තෙත් වන්නට විය. ඇයට හොරෙන් මා කිහිප වරක්ම අඩන්නටද ඇත.
පිරිමියෙක් වූ මගේ දෙනෙතට කදුළු උනන්නට තරම් සමත් වූ ඒ කතාව නිසා
ඈ මෙතෙක් කල් කොපමන අඩන්නට ඇත්ද?
ඇය කතාව කියා අවසන් වූ පසුව මා ඇයගේ දෙනෙත් දෙස පරික්ෂාකාරීව බැලුයෙමි.
ඒ දෙනෙත් තුල කදුළු නොවීය. ඈ සිගරට් පහක් පමන එක දිගට පුච්චා ඒ කදුලුත් දුමත් සමග විසිකර දමන්නට ඇතැයි මා සිතුවෙමි.
"ඔබට ඒ ගැන දුකක් නැද්ද? මා ඇගෙන් ඇසිමි.
"තියෙනවා" ඈ මට කීවාය. "ඒ නිසාමයි මම මේ තරම් දුකක් විදගෙන අදටත් සරණාගතයින් වෙනුවෙන් වැඩ කරන්නේ" කී ඇය දිලිසෙන කොලපැහෑ දෑසින් මා දෙස බලා සිටියාය.
එහින් දින කිහිපයකට පසුව ඇයත් මාත් වෙන් විය.
එහෙත් ඇය විසින් කියූ ඒ කතාව මගේ මනස තුල සදාතනකින් මතකයක් ලෙස තැන්පත් විය.
"මීෂා" ලියද්දි එයට වස්තු බීජය ලෙස නිරායාසයෙන්ම මගේ මනස තුල මැවුනේ එම කතාවයි.
මා හට අමතක නොවුනු, මා සංවේගයට පත් කල එම කතාව ඔබ අතටත් පත් වෙනු ඇත.
මට මෙන්ම එය ඔබටත් අමතක නොවනු ඇත.
මා එය විශ්වාස කරමී.
- මුතුමුදලිගේ නිශ්ශංක-
Details
ISBN
9786249788804
පිටු ගණන (Pages)
300
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
AptApt
-
බැන්ක් ඩිපොසිට්තැපෑලෙන්
Write a review
Write a review