Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කේරළ නළඟන

කේරළ නළඟන

About this book
නීල් විජේරත්න විසින් විරචිත ''මදුරාසි කොලුවා'' සහ 'බෙංගාලි යෙහෙළිය' ගමන් මගේ තවත් දිගුවත් සේ සැලකිය හැකි 'කේරළ නළඟන' නැමැති මේ භාරත සැරිසර සටහන් මාලාවේ දී අපට හමුවන 'සංචාරකයා' ඉන්දියානු බිම් තලයේ තමා අසන - දකින කියවන සෑම සියලු දෙයකින් මැ අපූර්වාකාර ආස්වාදයක් අත්විදින්නෙකි.පෙන්ඩිචෙරි,මදුරාසිය,බැංගලෝරය,බොම්බාය, කල්කටාව සහ නව දිල්ලිය වැනි විසල් නගර පසු කැර යන හෙතෙම බොහෝ විට ඇසුරුකම් පවත්වනුයේ නූතන ඉන්දියානුවා මතු නොව ඉන්දියානු නුතනයා සමඟ ය.අප අසල්වැසියාගේ වත්මන් දිවි පැවැත්මේ හද ගැස්ම මේ යයි ඒත්තු ගන්වන ආකාරයේ නවමු අත්දැකීම් මාලාවක් 'කේරළ නළඟන. කෘතියට පාදක වී ඇත.

මේ කෘතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් පැවති 2009 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම ලිපි සංග්‍රහ සදහා සම-සම්මානය ලද්දේ වෙයි.

'කේරළ නළඟන 'රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි.සිංහල -ඉංග්‍රීසි ද්විභාෂාවෙන් නිර්මාණකරගෙනහි ද තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි.කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුඳුල් නිර්මාණය 1968 දී පළ කළ 'මීදුම අතරින්' නවකතාව ය.

ISBN
9789556523959
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කේරළ නළඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.