Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මදුරාසි කොලුවා

මදුරාසි කොලුවා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
''බස් සමාගම්කරුවන්ගේ දිගු චාරිකාවලට මගීන් අද්දන ඝෝෂකයකු ලෙස කැඩුණු ඉංග්‍රීසියෙන් හඬ දෙන මේ කුඩා මදුරාසි කොලුවාගේ මෙම ශබ්ද ශාස්ත්‍රයේ යථාර්ථය ලේඛකයා හෙළි කර දෙන්නේ පාඨකයා සංවේගයෙන් සලිත කරමිනි.ලේඛකයා දෑසින් සිනාසෙන යුවතියකගේ චරිතය කුඩා සිත්තමකට නගන්නේ මහා වෙළඳ නගරවල තම තමා තුළම තනි වචන නූතනයාගේ හදවතේ ගීතය එහි යටිපෙළෙන් ස්වර්ගත කරන කවියෙකු පරිද්දෙනි.මේ තීරු රචනා සංග්‍රහයෙහි විශිෂ්ටත්වය අන් කිසිවක් නොව ඉන්දියානු මනසේ සුවිශේෂි හැඩය සිංහල පාඨකයාට හඳුනාගත හැකි කැඩපතක් වීමය.'' -පරාක්‍රම කොඩිතුවක්කු-

(ලංකාදීප-විමංසා සාහිත්‍ය සංග්‍රහය)

නීල් විජේරත්නයන්ගේ භාෂා භාවිතය,සංවාදශීලීත්වය පරිකල්පනය හා ආඛ්‍යාන රීතිය ශූර නවීන කෙටිකතාකරුවෙකුට සමානය.එබැවින් අප මේ කියවන්නේ හුදු සම්මත තිරූ රචනාවක් නොව පරිකල්පනයෙන් පෝෂිත නිර්මාණයක් යැයි හැගේ. -මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-

(ලංකාදීප-විමංසා සාහිත්‍ය සංග්‍රහය)

නවීන ගමන් විත්ති ලේඛන කලාව මනාව පුරුදු පුහුණු කළ කෙනෙකි,නීල් විජේරත්න.මදුරාසි කොලුවා,බෙංගාලි යෙහෙලිය සහ කේරළ නළඟන යන ග්‍රන්ථ ත්‍රිත්වය ඒ් බව සනාථ කරවයි.ගමන් විත්ති ලියන්නන්ගේ නව පන්නයේ නිල ඇඳුම ඔහු තරම් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින්නෙකු මෑත භාගයේදී අපේ ලේඛකයන් අතර දක්නට නොවීය.රස්කින් බොන්ඩ්, කුෂ්වාන්ත් සිං, නෙයිපෝල් සහ වික්‍රම් සෙත් යන සිවු දෙනාගේම සංකලනයක් බඳු නීල්ගේ රචනා ශෛලිය ඔහු කියන ගමන් විත්තියට රසවත් කෙටිකතාවක හැඩරුව ලබා දෙයි'' -කපිල කුමාර කාලිංග-

(ලක්බිම ඉරිදා සංග්‍රහය)

'මදුරාසි කොලුවා' රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි;සිංහල-ඉංග්‍රීසි ද්විභාෂාවෙන් නිර්මාණකරණයෙහි ද තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි.කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුදුල් නිර්මාණය 1968 දී පළ කළ ''මීදුම අතරන් ''නවකතාව ය.

Details
ISBN
9789556526424
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මදුරාසි කොලුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.