Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්‍රකාශන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප්‍රහාරක ගුවන් හමුදා නියමුවෙකි. "අලේක්සේයි මරේසියව්" නම් වූ මෙම අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුව ද, ගුවන්යානා පදවමින්, ගුවන් සටන්වල යදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප්‍රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි. තවද, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු "සෝවියට් සංගමයේ වීරයා" නැමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබුවෙකි. යුද්ධයේ කුරිරු බව සත්‍ය වශයෙන් ම අත්දුටු අන් හැම කෙනෙකු මෙන් ම අවසානයේ දී ලෝක සාමය සඳහා ඉතා උනන්දුවෙන් සටන් කළ මානව හිතවාදී සැබෑ මිනිසෙකි.
ISBN
9786246296025
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.