Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෞම්‍යාලෝකය

සෞම්‍යාලෝකය ස්වර්ණ පුස්තක සම්මාන 2014

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබඔුවයි. දකුණු ඉන්දියාවේ අවස්ථාවාදී පටු දේශපාලනයේ විනාශකාරී ගිනි පුලිඟු දෙස බැලිය යුත්තේ දකුණු ඉන්දියානු මනෝ භාවයෙනි. එහෙයින් කතුවරිය දකුණු ඉන්දියාවේ තිරුතංගගිරිය මෙන්ම, වව්නියාව හා අනුරාධපුරය අතර මායිම් ගමක් ලෙස සුධර්මපුරය ද නිර්මාණය කරනුයේ එක හා සමාන මාතෘ සෙනෙහසකිනි.

යුද්ධය මිනිසුන්ගේ ජීවිතවල හැඩය හා වර්ණය පමණක් නොව ඇතැම් විට නම් ගම් ද වෙනස් කළ අයුරු අපි අත් දුටුවෙමු. එහෙත් ඒ නොරිස්සුම් සහගත කෝපාන්විත අනවබෝධයට යටින් ආදර කරුණා ගුණ අංශූවක් හෝ ඉතිරිව තිබිය හැක. එම උතුම් මිනිසත් ගුණ ශේෂය සාම ක්‍රියාන්තවිතයේ කඩඉම් දියවරයි. භාෂාව ද, ආගමික දර්ශන ද මිනිසුන්ගේ සිත් බිඳින වියරු ප්‍රවේග නොව, සෞම්‍යාලෝකයේ ප්‍රවේශ දොරටු බවට පත් විය යුතුය.

Details
ISBN
9789556719369
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෞම්‍යාලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.