Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉන්දියානු මතක

ඉන්දියානු මතක

About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9789553102171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
  1. පුරුෂයෙක්, ස්ත්‍රියක් හා පැවිද්දන් දෙදෙනෙක් දුටු ඉන්දියාව හා සිදුකරන ලද දඹදිව වන්දනාව පිලිබඳ පොත් 4ක් (හතරක්)
    මට 2018 අගෝස්තු 17 සිට අගෝස්තු 26 දින දක්වා දඹදිව [ඉන්දියාව සහ නේපාලය] (බුදුන් වැඩ සිටි හා උපන් දේශය) වැඳ පුදා ගැනීමට ඒ උතුම් අවස්ථාව සැලසුනි.

    දඹදිව වන්දනාවට පෙර මම පොත් 4ක් (හතරක්) කියෙව්වෙමි.

    එම පොත් 4 (හතර) ලියා තිබුනේ පුරුෂයෙක්, ස්ත්‍රියක් හා පැවිද්දන් දෙදෙනෙකි.

    (01) පුරුෂයා - එරික් ඉලයප්ආරච්චි: ඉන්දියාව ශුන්‍යය සෙවීම.
    (02) ස්ත්‍රිය - සුනේත්‍රා රාජකරුණානායක: ඉන්දියානු මතක
    (03) පැවිදි තෙරක් - පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි: දඹදිව සඳහම් සුවඳ
    (04) තවත් පැවිදි තෙරක් - පුජ්‍ය ආචාර්ය උණුවතුර බුබුලේ මහින්ද හිමි : දඹදිව වන්දනා ගමනට අත්වැලක්

    එරික් මහතා සහ සුනේත්‍රා මහත්මිය දුටු ඉන්දියාව ලෞකික සංවර්ධනය, සාහිත්‍යය, කලා ශිල්ප, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉන්දියානු අහාර වර්ග, කෘෂිකර්මාන්තය හා තනි නමුත් ඒක පුද්ගල වශයෙන් දැනුවත් මෙන්ම වැදගත් අය පිළිබඳව ගැඹුරින් විකාශණය වන පොත් දෙකකි.

    පැවිදි හිමිවරුන් දෙදෙනාගේ ඉන්දියාව පිලිබඳ දෘෂ්ටිය බොහෝ විට දඹදිව වන්දනාව සහ බුද්ධ ධර්මය හා බද්ධව පවතී. මෙම පොත් දෙකද ගැඹුරින් අදාළ 'බෞද්ධ වන්දනාව' හා 'බෞද්ධ ඉතිහාසය' යන ක්ෂේත්‍රයන් විවරණය කරයි.

    මෙම සතරදෙනාගේ ඉන්දියාව හා දඹදිව පිලිබඳ දෘෂ්ටිය ඔබ ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන්නේ නම් ඉතා වැදගත් වේ.

    සුනේත්‍රා මහත්මිය දකින ඉන්දියාව තිරුඅන්මලයේ සිට මුළු ඉන්දියාව පුරා පිටු 124කින් මිල රු.225 කට විහිද යයි. එයට ඇයට පරිච්චේද 11ක් ප්‍රමාණවත් වේ. විවිද සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික සිද්දි වටා මෙම පරිච්චේද ගලා යයි.

    පිටු 184කින් මිල රු. 280 කට පරිච්චේද 28කින් ඉන්දියාවත් (දඹදිවත්) එමෙන්ම නේපාලයත් (ලුම්බිණිය) ගැඹුරින් ඉතාම සංකීර්ණ විශ්ලේෂණයට මෙන්ම ආර්ථික විද්‍යානුකුල විවරණයකට ලක්කිරීමට එරික් ඉලියප්ආරච්චි මහතා සමත් වී ඇත. මෙය 'පසු නුතන ඉන්දියාව' දෙස ශ්‍රී ලාංකීය බැල්මක් හෝ දැක්මක් පෙන්වා ඇති බව යන්න මෙම පොත කියවීමෙන් පසුව මට ඇතිවූ අහිංසක හැගිමයි.

    පිටු 200කින් මිල රු.400 කට පුජ්‍ය ආචාර්ය උණුවතුර බුබුළේ මහින්ද හිමි දඹදිව වන්දනාව තම තීක්ෂණ බුද්ධිය හරහා බෞද්ධ පාඨකයින්ට පැහැදිළි භාෂාවෙන් ලිවීමට සමත් වී ඇත. මෙම පොතේ මීට අමතරව සාංචි ස්තුපය, චෙන්නායි, අජන්තා ලෙන්, ඇල්ලෝරා, නගර්ජුර්ණ කන්ද සහ අනෙකුත් ස්ථාන රැසක් ගැන තොරතුරු ඇතුලත්ය. මෙම ස්ථාන නැරඹීමට මා හට යෑමට නොහැකි විය.

    පිටු 189ක් පුරා මිල රු.450 කට පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි දඹදිව වන්දනාව පිළිබඳව සුන්දර බණක් කියන බස් වහරක් යොදාගෙන බුද්ධ චරිතය ඇසුරෙන් ධර්මය හා බුද්ධ චරිතයේ සිද්ධි අදාළ බෞද්ධ සිද්ධස්ථාන ඇසුරෙන් පාඨකයන්ට පැහැදිළි කිරීමට සමත් වී ඇත.

    මෙම පොත් හතරම ඉන්දියාව හා දඹදිව වන්දනාව පිළිබඳව විවිද පැතිකඩයන් පෙන්වාදීමට සමත් වී ඇත.

    "Jetwing Holidays" ආයතනයට පිං සිදුවෙන්න ඉන්දියාවේ වරණාසි, බෝධ්ගයා, පැට්නා, කුෂිනගර්, නේපාලයේ ලුම්බිණිය, ශ්‍රාවස්ති පුරය, අග්‍රා සහ නව දිල්ලිය යන නගර දින 10කදී එහි ඇති නගරවල බෞද්ධ පුදබිම් වන්දනාවට හැකි වීම ඉතාමත් වැදගත් වේ.

    වන්දනා නඩය 'ශ්‍රී ලංකාවේ' සිට 'ඉන්දියාවටත්', 'ඉන්දියාවේ' සිට 'ශ්‍රී ලංකාවටත්' ඉතාමත් ප්‍රවේශමෙන් රැගෙන ගිය 'Jetwing Holidays' ආයතනයේ කෝසල කුරුප්පු මහතාට ස්තුතියි.

    තවද ඉන්දියාවේදී 'ජටක් ට්‍රවෙල්ස්' / Jatak Travels' ආයතනයට සහ එහි නියෝජිත 'ජැකී විශ්වකර්ම/ Jackie Vishwakarma' මහතාට ද මාගේ ප්‍රණාමය හිමිවේ.

    මෙම ආයතන දෙක එකට එකතු වී අදාළ බෞද්ධ හා දඹදිව, වන්දනාමාන හා චාරිකා සංවිධාන කරයි.

    එසේ නොවන්නට මා හට මෙම වටිනා ජීවන අත්දැකීම් ලැබීමට නොහැකි වන්නට තිබුණි.

    මෙම ලිපියේ තවද සිතියම් හතරකින් මාගේ මෙන්ම අනිත් කතුවරයන්ගේ ගමන් මග දැක්වෙන සිතියම් හතරක් ඇත. එය අපැහැදිලි වුවද එමගින් සමස්ත ඉන්දියාව සහ එහි නගරවල භූගෝලීය ව්‍යාප්තිය පිලිබඳ අවබෝදයක් ලැබිය හැක.

    මෙහි නිල්පැහයෙන් ඇත්තේ දඹදිව වන්දනාවේ ගමන් මගය.

    මෙහි 2 සහ එහි උප අංක ලෙස ඇත්තේ එරික් ඉලියප්ආරච්චි ගේ ගමන් මගයි.

    මෙහි තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ ඉන්දියානු මතක වේ.
    Dimantha ·
Write a review

You're reviewing: ඉන්දියානු මතක

Reviews are published once a member of our team has read them.