අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්
About this book
එදින රාත්‍රියේ දී සාදිට නින්ද ගියේ නැත.ඔරලෝසුවේ රාත්‍රී දහයියි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය.වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි.නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය.ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදී හෙමින් හෙමින් පඩිපෙළ බැස්සයාය.තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය.තමාගේ පිටුපසින් අඳුරු ඡායාවක්ද පැමිණෙන බව සාදි දුටුවේ නැත.ඒ් පෲවන්ස් ය.පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි.ඒ් ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත.
රාත්‍රි දහයයි කාල වන විට පෲවන්ස් නින්දදෙන් පිබිදුණා ය.කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වු ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත් ව බලා සිටියා ය.දැන් වේලාව රාත්‍රි එකොලහයි කාලට පමණ ඇත.උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලිසන් එක්වරම නින්දෙන් පිබිඳුණා ය.හයියෙන් කියන්නට අවශ්‍ය වුවද එය නොකළ යුත්තකි. එමෙන්ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ.ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය.කළුවරේම ඇඳට අත පෙවු ඇලිසන් සාදි සොයන්නට උත්සහ කළා ය.පුදුමයකි !.සාදි නැත.ඇඳ හිස් ය.ඇඳුම් හැඳගෙන ඈ පිටව ගොසිනි.ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වුවා ය.
Details
ISBN
978955
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review