රට හෙල්ලූ නඩු

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
rata-hellu-nadu-wimalasena-gange-fast-surasa

දැනට වසර හැටකට පමණ ඉහත දී රට තුළ සිදුවූ අති භීෂණකාරී සංවිධානාත්මක මිනීමැරුම් කිහිපයක් පිළිබඳ ලිපි පෙළක් මේ කර්තෘ විසින් 1960 මුල් භාගයේ ‘රිවිරැස’ පත්‍රයේ පළකරවන ලදි. එම ලිපි මඟින් විස්තර කෙරුණු භයානක අපරාධ අතුරෙන් කිහිපයක් පිළිබඳ නඩු විභාග විස්තර මේ පොතට ඇතුළත් වේ.

එම ලිපිපෙළ රචනා කළ මේ පොත එළිදක්වන කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි. මේ ලිපිපෙළ සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගීකොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මේ ලිපි පෙළ 1960 දශකය තුළත්, ඉන් පසුවත් පාඨක ජනයා මහත් ආශාවෙන් සහ රුචිකත්වයෙන් කියවා දැනුවත් විය. මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ටද අතිශයින් වැදගත් වේ. ඒ අදහස පෙරදැරි කොට ගනිමින් සියළු පාඨක ජනයාට මහත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මේ පොත ඔබ වෙත පිරිනැමේ.

Author විමලසේන ගන්ගේ - Wimalasena Gange (7)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9789556772869
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රට හෙල්ලූ නඩු
Back to Top