නුවරට යනකං රීලෝඩ්

Special Price රු. 297.50 Regular Price රු. 350.00
In stock
SKU
nuwarata-yanakan-reload-roopa-sriyani-ekanayaka-sooriya

“අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු” යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත්‍ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත්‍ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට වෙසෙසින් උත්සාහ කළ යුතු ය.

මෙය රූපා ශ්‍රියානි ඒකනායක ගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. වත්මන් සිංහල 

නවකතාකරුවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින ඇය පාඨක හා 

විචාරක ප්‍රසාදය දිනාගෙන ඇති සම්මානනීය ලේඛිකාවකි. සමකාලීන සමාජයේ 

විවිධ සිද්ධීන් වරෙක සියුම් උපහාසයටත්, තවත් වරෙක අසීමිත දයානුකම්පාවටත් 

බඳුන් කෙරෙමින් විරචිත මෙහි එන කෙටි කතා ද පාඨක මනසේ මහත් ආනන්දයක් 

ජනිත කිරීමට සමත් වනු නොඅනුමාන ය.

Author රූපා ශ්‍රියානි ඒකනායන - Roopa Sriyani Ekanayake (9)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565171
පිටු ගණන 156
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නුවරට යනකං රීලෝඩ්
Back to Top