Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහිමි සඳවතිය

අහිමි සඳවතිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
දමින්ද දේශප්‍රිය රණතුංග සහ මා එකිනෙකා හදුනාගන්නේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප්‍රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප්‍රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් පෙම්කතා හැටියට හඳුන්වනු ලබන ෂානරයක නවකතාය. එහෙත් අපිට පිළිනොගෙන බැරි සත්‍යය වන්නේ ප්‍රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන පෙම්කතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප්‍රිය රණතුංග වැන්නන්ට හැකිවී තිබෙන්නේ ඒ නිසාය. ඔහුගේ මේ අහිමි සඳවතිය එයට තවත් එක් කදිම නිදසුනක් වනු නොඅනුමාන ය.

- සුන්දර නිහතමානි ද මැල්

ISBN
9786245584048
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහිමි සඳවතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.