අහුපෑවත
"අනේ නෝනෙ… සේනාවකට පිරිමි ළමයි ගෙදර හිටියත් මොකටද, කෙල්ලෙක්ගේ සිරික්කියක් ගෙදරක නැත්තං… ඒ හින්ද තරහ ගන්න එපා… මමත් වැඩේ අතාරින්නෙම නෑ… අපේ උන්දැව පත්තිනි දේවතාවුන්නාන්සේ බලාගනියි…"
ධර්මදාස
"තාත්තා මළාට පස්සෙ බාප්පා තමයි අපි හැමෝවම ලොකු මහත් කළේ… අම්මට ඕනැකම තිබුනලු බාප්පව අල්ලගන්න… බාප්පට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් වුණත් අම්මත් තරුණයිනෙ… ඒත් තාත්තා තමුන්ගේ වැඩිමල් සහෝදරයගෙ ගෑනිට සළකන්න ඇත්තෙ එක්කුසේ උපන් අක්කා විදිහට… ඉතිං කොහොමද මල්ලි අක්කා එක්ක දීග කන්නේ…? අන්තිමට අම්මා කළේ දරුවොත් දාලා වෙන මිනිහෙක් එක්ක පැනල යන එක… දරුවන්ගෙ බාප්පා දරුවො බලාගනියි කියලා අම්මා හිතන්න ඇති… අන්තිමට බාප්පා කසාදයක් බඳින්නෙවත් නැතිව අපිව ලොකු මහත් කළා…"
සන්දීපිකා
"අසේල…ඔයා ජීවත් වෙන්න හදන්නේ තාත්තගෙ මළගමට මල්රිත් යවන, අම්මාගෙ බර්ත් එකට බර්ත්ඩේ කාඩ් යවන සුද්දියෙක් එක්ක නෙමෙයි… උපන් ගමන් ඇසදෙක තලතෙල් වලින් හෝදපු හින්දු කෙල්ලක් එක්ක… ඒ හින්ද ඒකිට ලෝකෙ හොඳට පේනවා…"
ආනන්දි
"ආනන්දි… සමහර වටිනා දේවල් අපේ ජීවිත වලින් ගැලවිලා යනව… එහෙම ගියාට පස්සේ ඒ දේවල්වල කිසිම වටිනාකමක් නෑ…"
අසේල
"මුදලාලි… අමතක කරන්න එපා… ඒ ධර්මදාසගෙ ළමයි… පද්මලතාගෙ ළමයි… උං තැනකට ඇලුනට පස්සේ ධර්මදාසයි, පද්මලතයි වගේම තමයි… තමුන්ගේ ගෑනිගෙ දාඩිය සුවඳ තියෙන කම්බායක් පොරවගෙන නිදාගන්නවා මිසක, නාලා ඉවරවෙලා මිනිහාගෙ අමුඩ ලේන්සුවෙන් ඇඟ පිහිදාගන්නවා මිසක ආයිත් උං අනුන්ගේ දුම්මැස්සවල් අතගාන්න යන එවුන් නෙමෙයි..."
මුදලාලිගේ බිරිඳ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.