කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය
ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නොව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවී ය. ඒ සමග ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්‍රතිපක්ෂය සමග යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ නො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සඳහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරඟ හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵලවලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාවල හා රුචිකත්වවල විශ්වව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය - කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්නය නොවේ ද? මෙලෙසින් ලෝක විප්ලවය ම සාහිත්‍ය - කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එකම මානය බවට පත් නොවන්නේ ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.