ලිපිගොනුකරණය හා කාර්යාල ක්රම
කාර්යාලයක් යනු ඕනෑම සංවිධානයක හෝ ආයතනයක හෝ පවතින මූලික අංගය වන අතර, එම සංවිධානයේ හෝ ආයතනයේ පවත්නා අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව මුදුන් පමුණුවා ගැනීම සඳහා එතුළ මනා කළමනාකාරීත්වයක් පැවතිය යුතු ය. එමෙන්ම එසේ වීමට නම්, කාර්යාලයේ නිලධාරීන්ට කාර්යාල ක්රම පිළිබඳව මනා අවබෝධයක් තිබීම ද අනිවාර්යය වේ.
ලිපිගොනුකරණය හා කාර්යාල ක්රම පිළිබඳව වූ මේ කෘතිය, රාජ්ය සේවයේ නියුතු සියලු දෙනාට ම කාර්යාල ක්රම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන වැදගත් කළමනාකරණ කෘතියකි.
කළමනාකරණ නිලධාරී සේවයේ නියුතු මෙම කතුවරයා තම සේවා අත්දැකීම් සහ දැනුම මනාව උපයෝගී කර ගනිමින් රචනා කළ මෙම කෘතිය ඉතා කාලෝචිත ප්රයත්නයක් වශයෙන් හඳුන්වා දිය හැක.
එමෙන්ම මෙම කෘතිය මගින් රාජ්ය අංශයේ ආයතනයන්හි භාවිතාවන කාර්යාල කළමනාකරණ ක්රම, ලිපිගොනුකරණය, පෞද්ගලික ලිපිගොනු පවත්වා ගැනීම ඇතුළු මූලික කාර්යාල කළමනාකරණ විධි ක්රම සහ ඒ සඳහා භාවිතාවන මූලික ආකෘති පත්ර ආදී රාජ්ය නිලධාරියෙකුට එදිනෙදා වැදගත් වන විෂයය කරුණු හා ප්රායෝගික භාවිතාවන් මනාව පෙළගස්වා ඇත.
තව ද, කාර්යාල කළමනාකරණය පිළිබඳව න්යයාත්මක හා ප්රායෝගික අවබෝධය රාජ්ය නිලධාරීන් සතුව අනිවාර්යයෙන්ම පැවතිය යුතු නිපුණතාවයකි. එකී නිපුණතාවය පරීක්ෂා කරනු ලබන කාර්යක්ෂමතා කඩයිම් විභාග සඳහා ද, මෙම කෘතියේ අඩංගු කරුණු ඉතා ප්රයෝජනවත් වේ. එම නිසා කතුවරයාගේ මෙම ප්රයත්නය රාජ්ය නිලධාරීන් සඳහා වැදගත්වන අත්පොතක් ලෙස ද, යොදා ගත හැකි ය.
-
★★★★★ Really goodContent of this book is really clear.easy to understand.examples are also practical.very good for newly joined government offcers for efficiency bar exams.worth for money.
-
★★★★☆ ඉතාමත් හොදයි.වර්තමානයේ රචනාවන විවිධ කෘතීන් අතර තරමක් වෙනස් පැතිකඩක් ඔස්සේ රචනා වූවක් ලෙස දර්ශන චන්දිමාල් මහතාගේ මෙම කෘතිය දැක්විය හැකිය.
රාජ්‍ය ආයතන පද්ධතිය තුළ සිදුවෙන කාර්යාල කළමනාකරණ ක්‍රමවේදය පිළිබඳව මනා විවරණයක් කර ඇතැයි විශ්වාස කළ හැකි මෙය දහසකුත් නීති රීති මැද රාජ්‍ය නිලධාරීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර ඉතාමත් සංක්ෂිප්තව විවරණය කරන්නකි.
තවද, ලිපිගොනුකරණය, දෛනික තැපෑල, වාර්තා තැබීම ආදී කාරණා මෙන්ම වර්තමානයේ දී ඉතාමත් වැදගත් කරුණක් වන ලිපි සැකසීම පිළිබඳව සිදුකර ඇති විග්‍රහය මාගේ වැඩි අවධානයට යොමු වූ බව සටහන් තැබිය යුතුමය. එසේම මෙම කෘතිය රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සහෝදර සේවක ප්‍රජාව පමණක් නොව පෞද්ගලික අංශයේ නියුතු සහෝදර සේවක ප්‍රජාවත්, ඇතුළු විශ්වවිද්‍යාල විද්‍යාර්ථීනුත් ඇතුළු දැනුම සොයා යන සහෘද පාඨක සැමත් නිතැතින්ම කියවා බැලිය යුතු කෘතියක් ලෙස දකිමි. -
★★★★★ ????This is a really very good book for government officers .
-
★★★★★ This is a really very good book for government officers.????
-
R.M.B.C.R.kumarihamyR.M.B.Chandika Rathna Kumarihamy
-
R.M.B.C.R.kumarihamyR.M.B.Chandika Rathna Kumarihamy
-
SphDdf
-
ManjuAtapattu
-
I want to buy a book .ලිපි ගොණුකරණය හා කාර්යාල ක්‍රමPlz be kind enough to give information about this book .