ලිපිගොනුකරණය හා කාර්යාල ක්‍රම

Rating:
95 % of 100
Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
lipigonukaranaya-ha-karyala-krama-darshana-chandimal-grantha

කාර්යාලයක් යනු ඕනෑම සංවිධානයක හෝ ආයතනයක හෝ පවතින මූලික අංගය වන අතර, එම සංවිධානයේ හෝ ආයතනයේ පවත්නා අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව මුදුන් පමුණුවා ගැනීම සඳහා එතුළ මනා කළමනාකාරීත්වයක් පැවතිය යුතු ය. එමෙන්ම එසේ වීමට නම්, කාර්යාලයේ නිලධාරීන්ට කාර්යාල ක්රම පිළිබඳව මනා අවබෝධයක් තිබීම ද අනිවාර්යය වේ.

ලිපිගොනුකරණය හා කාර්යාල ක්රම පිළිබඳව වූ මේ කෘතිය, රාජ්ය සේවයේ නියුතු සියලු දෙනාට ම කාර්යාල ක්රම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන වැදගත් කළමනාකරණ කෘතියකි.

කළමනාකරණ නිලධාරී සේවයේ නියුතු මෙම කතුවරයා තම සේවා අත්දැකීම් සහ දැනුම මනාව උපයෝගී කර ගනිමින් රචනා කළ මෙම කෘතිය ඉතා කාලෝචිත ප්රයත්නයක් වශයෙන් හඳුන්වා දිය හැක.

එමෙන්ම මෙම කෘතිය මගින් රාජ්ය අංශයේ ආයතනයන්හි භාවිතාවන කාර්යාල කළමනාකරණ ක්රම, ලිපිගොනුකරණය, පෞද්ගලික ලිපිගොනු පවත්වා ගැනීම ඇතුළු මූලික කාර්යාල කළමනාකරණ විධි ක්රම සහ ඒ සඳහා භාවිතාවන මූලික ආකෘති පත්ර ආදී රාජ්ය නිලධාරියෙකුට එදිනෙදා වැදගත් වන විෂයය කරුණු හා ප්රායෝගික භාවිතාවන් මනාව පෙළගස්වා ඇත.

තව ද, කාර්යාල කළමනාකරණය පිළිබඳව න්යයාත්මක හා ප්රායෝගික අවබෝධය රාජ්ය නිලධාරීන් සතුව අනිවාර්යයෙන්ම පැවතිය යුතු නිපුණතාවයකි. එකී නිපුණතාවය පරීක්ෂා කරනු ලබන කාර්යක්ෂමතා කඩයිම් විභාග සඳහා ද, මෙම කෘතියේ අඩංගු කරුණු ඉතා ප්රයෝජනවත් වේ. එම නිසා කතුවරයාගේ මෙම ප්රයත්නය රාජ්ය නිලධාරීන් සඳහා වැදගත්වන අත්පොතක් ලෙස ද, යොදා ගත හැකි ය.

 

Author දර්ශන චන්දිමාල් - Darshana Chandimal (2)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9789553493538
පිටු ගණන 292
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලිපිගොනුකරණය හා කාර්යාල ක්‍රම
Back to Top