නූතන කුමාරයා
මැකියාවෙලි ගේ 'කුමාරයා' (The Prince) කෘතිය මඟින් මතු කරන තර්කය වන්නේ දේශපාලනය යනු සදාචාර විනිශ්චයන් මඟින් හැසිරෙන අධිභෞතික කලාපයක් නොවන බවත්, එය ගොඩ නැඟෙනුයේ ම බලය පදනම් වන භෞතික වපසරියක් ලෙසින් බවත් ය. මැකියාවෙලිට කුමාරයකු අවශ්‍ය වූයේ ඔහු සිතූ සදාචාරයෙන් දේශපාලනය වෙන් කරන බෙදුම් රේඛාව නිර්මාණය කිරීමට ය. විශ්වාසය මත පදනම් වූ රාජ්‍යය, බලය මත පදනම් වූවක් කිරීමට ය. මැකියාවෙලිට පසු කාලයේ ඉතාලියේ ම සිටි කොමියුනිස්ට්වාදී චින්තකයකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි ඔහු ගේ 'සිර ගෙදර සටහන්’ (Prison Notes) කෘතියේ නූතන කුමාරයා’ නමින් ලියූ සටහනින් ප්‍රශ්න කළේ ඉතාලියට සාපේක්ෂ ව ගත් විට දේශපාලනයේ ඇති සංස්කෘතික සංරචකයත්, සංස්කෘතික භාවයේ ඇති දේශපාලන සංරචකයත් තේරුම් ගැනීමේ ඇති වැදගත්කම ය. 1921 ග්‍රාම්ස්චි ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් දියත් කළ කර්මාන්තශාලා කමිටු ව්‍යාපාරය ඊට වසර හතරකට පෙර 1917 රුසියාවේ දී මෙන් බලය අල්ලාගැනීමක් තෙක් නොයන්නේ එ රට සංස්කෘතික සාධකයේ ඇති ප්‍රබලතාව නිසා ය යන්න ග්‍රාම්ස්චි ගේ අදහස විය.
මේ තීරු ලිපි පෙළ මඟින් බලාපොරොත්තු වූයේ මෙ රට දේශපාලනයේ සංස්කෘතික සාධකය පිළිබඳ සාකච්ඡා කිරීම පමණක් නො වේ. මෙ රට දේශපාලනයේ වැදගත් සිදු වීමක් ලෙසින් සැලකිය හැකි පසුගිය ජනාධිපතිවරණයට අදාළ කලාපය හා සම්බන්ධ වූ මෙහි මූලික අරමුණ වූයේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයට පසු මතු වූ දේශපාලන තත්වයට විවේචනයක් මතු කිරීම ය. ඒ විවේචනය මඟින් එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය, ශ්‍රීලනිපයේ බෙදීම, මාධ්‍යයේ හැසිරීම, සිවිල් සමාජයේ දේශපාලනය වැනි ක්ෂේත්‍රයන් ප්‍රශ්න කරනු ලැබේ. එයට අමතර ව දේශපාලනයේ දී වැදගත් වන දාර්ශනික මැදිහත් වීම් කීපයක් පිළිබඳ ව ද මේ තීරු ලිපි මඟින් සාකච්ඡා කර තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.