Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැනීසියේ බණ්ඩාර

වැනීසියේ බණ්ඩාර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පොතු නොහැරීය තිරිගු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝභමාන බව සැබෑය. මඟ තොට ඇවිදින ස්ත්‍රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්, කොණ්ඩා ගෙතුම් මා අගය කළ මුත් නාපෝලියේ තැන තැන ඇති මූර්ති කැටයම් හා ඉපැරණි ගොඩනැඟිලි තුළ ඇති නානාප්‍රකාර සිතුවම් ඊටත් වඩා වැඩියෙන් මගේ හදවත ඇද බැඳගෙන තිබිණි. එහි ඕනෑම අහුමුල්ලක් මට නම් කව්යක් බඳුය. ලලනා ලාලිතය අමතක කරවන සුලුය.

"මෙහේ පිරිමින්ට ඕනෑ ගෑනු එක්ක කතාව නෙමෙයි, ගෑනු රස විඳින්න,” මස්සිනා එකට එක කීවේය. "ගෑනුන්ට විතරක් නෙමෙයි, ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා... කලාව රස විඳින්න, රේස් කාර් එළවන්න, කෑම උයන්න, මල් වවන්න, තව ජෙලාටෝ වලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ ආත්මය අයිති කරගෙන.


*පෙම්වතෙක් වෙන්න, සෞන්දර්යය තකන්න, කලා නිර්මාණයක් බිහි කරන්න මනුස්සයෙක් දරන මහන්සිය මොන තරම් දුෂ්කර වුණත්, මොන තරම් අවලස්සන වුණත් එකෙ වැරැද්දක් නෑ... මං කියන්නෙ සෙල්ලක්කාර පෙම්වතෙක් ගැන නෙමෙයි, ගැඹුරු පෙම්වතෙක් ගැන.

මේ ඇවිත් ඩෝඩකැතීඩ්‍රයක්... මේකෙ එක එක පැති වල තියෙන චිත්‍රවලින් පෙන්වන්නේ මිනිසා වෙනුවෙන් දෙවියන්ගේ මහා සැලසුම්.” අධ්‍යක්ෂක පැති පහක් සහිත පිරමීඩ දොළහකින් නිමවුණු බැසිලිකාවේ බිත්තිවල ඇඳ ඇති ගෝලාකාර ජ්‍යාමිතික රූපය විස්තර කළේය. ඒ දිනවල වැනීසියේ මගේ දිවියද එවැනි ඩෝඩකැතීඩ්‍රයක් මෙනැයි මට සිතිණි.


1999 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලැබූ ශමෙල් ජයකොඩි සි ඉංජිනේරුවරියක ලෙස දිවයින පුරා සේවය කරමින් ලැබූ අත්දැකීම්ද පසුකාලීනව විදේශයන්හි ගත කළ කාලය තුළ මුහුණ දුන් විවිධ සංස්කෘතින් අතර ජීවන දැකුම්ද චිත්‍රණය කරමින් නිර්මාණය කරණයේ යෙදෙයි.

ISBN
9789553126436
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වැනීසියේ බණ්ඩාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.