Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මේ වූ කලී අවුරුදු දෙදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවැති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්තරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන් ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්තරය එකී සංස්කෘතිය දඹදිවින් සංක්‍රමණය වූ ඉන්දු- ආර්ය‍ ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. එකී සංකලනය ද ඉන්දු - ආර්යය භාෂාවේ හා ජීවන ක්‍රමයේ ව්‍යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි.

පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලැසුම් කර ගැනීමට උපස්තම්භක වූ නානාවිධ අංශ දෘශ්‍යමාන සාක්ෂ්‍ය මඟින් මෙහි ලා විස්තර කරති. රඹුක්කන පිහිටි ශිලාමංචකයෙන් පටන් ගෙන අනුරාධපුරයේ හා පොළොන්නරුවේ රූපයන් ගෙන් දක්නා පරිදි සිංහලයා තුළ මල්පල ගැන්වී පැවැති සියුම් කැටයම් කලා නෛපුණ්‍යය ද ගල්ලෙන්, වෙහෙර, විහාර ඔස්සේ සීගිරි ලලනාවන් තුළින් නිරූපණය වන රමණීය චිත්‍රකලා කෞශල්‍යය ද කුළුගන්වමින් කතුවරයා තමනට හුරුපුරුදු සරල සිංහල බසින් කියන මේ කථාන්තරය විශ්ව ඉතිහාසයෙන් ම අසමසම වූ වාරිමාර්ග ක්‍රමයෙකින් සරුසාර වූ කෙත්වතු වලින් හෙබි රජරට තැනිතලාවේ සිට කෙමෙන් කඳුරටටත් එතැන් පටන් කුසගින්නේ දොරටුවටත් සිංහලයා පසුබැස ගිය සැටි චමත්කාර ලෙස දක්වයි.

මෙහි පිටවැස්මෙහි පෙනෙන සෙල්ලිපිය පදවියේ දක්නා ලැබෙයි. එහි පෙළ ද භාවය ද යට දැක්වේ. මේ යුගයේ ජීවත් වන තරුණ සිංහල පරපුරට අතීතයෙන් බිඳක් සිහිපත් කර ගැනීමටත් ඔවුන් ගේ මුතුන්මිත්තන්ගේ කාර්‍ය්‍ය සිද්ධීන් අනුගමනය කිරීමටත් මේ ශිලාලිපිය ද පරණවිතානයන් ගේ මේ කෘතිය ද හේතු වේවායි පතමු.

ඉදං ලංකාධිනාථෙන

ශ්‍රී පරාක්‍රමබාහුනා

කාරිතං විශ්වලොකාර්ථ-

කාර්යයව්‍යාපාරිතාත්මනා

මුළු ලොවට වැඩ සැලැස්වීමෙහි තමා යෙදී සිටින ශ්‍රී පරාක්‍රමබාහු ලංකාධිනාථයා විසින් මෙය කරවන ලදි.

බැන්දැ නීගඟවැවු

සිරිලකැ ද කෙත් කරවා

සියල් දිය රඳවා පැරැ-

කුම්බානිරිඳු කෙළෙ මේ

ගංහෝ හරහා ඇනි බඳවා වැව් තනවා සිරිලකැ කෙත් කරවා සියලු දිය රඳවා ( නොහොත් මුළු මහත් ලොව සතොස් කරවා ) පැරකුම්බා නිරිඳු මේ කළේ යි.

ISBN
97559170120
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහලයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.