තරු පොකුර
About this book
කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණ. මනහර
සැනෙකින් සඳුනි තරයේ වැලඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා
බසින්නට වන. තුඩුවෙ හාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ.
මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග්‍රහණයෙන් සඳුනි මුදා හැරියේය. දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි
වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය.
ආදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළෙන අයුරු නිරාවරණය කරන තරු පොකුර පාඨකයාගේ
කුහුල හා රසවින්දනය ඉතා සංයමයෙන් යුතුව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යයි .
Details
ISBN
978-955-686-098-6
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review