තරු පොකුර

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
tharu-pokura-jayakody-senevirathne-dayawansha-jayakody
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629)
කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණ. මනහර සැනෙකින් සඳුනි තරයේ වැලඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන. තුඩුවෙ හාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ. මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග්‍රහණයෙන් සඳුනි මුදා හැරියේය. දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය. ආදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළෙන අයුරු නිරාවරණය කරන තරු පොකුර පාඨකයාගේ කුහුල හා රසවින්දනය ඉතා සංයමයෙන් යුතුව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යයි .
Back to Top
Related Products