Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ඇන්ටන් චෙකොෆ්‌ගේ කෙටිකතා දහයක්

ඇන්ටන් චෙකොෆ්‌ගේ කෙටිකතා දහයක්

About this book

කාලීන සාහිත්‍ය සේවයක්

ආචාර්ය පාලිත ගනේවත්ත මහතා විසින් රුසියන් බසින් සිංහලට පෙරළන ලද චෙකෝෆ්ගේ මේ කෙටිකතා එකතුව මේ වෙලෙහි පළ කිරීම කාලීන සාහිත්‍ය සේවයක් ලෙස මම දකිමි. චෙකොෆ් ඇතුළු ටොල්ස්ටෝයි, ඩෙස්ටවස්කි, ගොර්කි ආදී වූ ලේඛකයන් විසින් බිහිකරන ලද ශ්‍රේෂ්ඨ රුසියන් සාහිත්‍යය වෙන යළි යොමු විය යුතු අවධියකයි අප පසුවන්නේ. මා මෙසේ පවසන්නේ කුමක් සිසාද යන්න පැහැදිලි කළ යුතු යයි සිතමි.

අද අප විසින් කළ යුත්තේ පිරිහීමේ ප්‍රපාතය වෙත යමින් ඇති පශ්චාත් ධනවාදී බටහිර ලෝකයෙන් ගලා එන කුණු කන්දල් මෙහි රඳවා ගැනීමට තැත්කිරීම නොව අර රුසියන් ශ්‍රේෂ්ඨ නවකතා උරුමය වෙත අපගේ පාඨක මනස යළි යොමු කිරීමයි. අද මෙරය සිදු වෙමින් පවතින සමාජ - දේශපාලන පෙරළිය ද එවැන්නක් පතන බවයි. මගේ වැටහීම. පාලිත ගනේවත්ත මහතාගේ මේ කතා එකතුව මෙ වෙලෙමි පළ වීම කාලීන සාහිත්‍ය සේවයක් ලෙස මා දකින්නේ මේ නිසයි.

ගුණ අමරසේකර

ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටිකතා මෙන්ම ඒවාට පිටදුන් සංස්කෘතික පසුබිම හා සහාජ දර්ශනය සිංහල පාඨකයාට හඳුන්වා දීම සඳහා පාලිත ගනේවත්ත සූරීන්ගෙන් ඉටු වී ඇත්තේ අනුපම මෙහෙයකි. මෙම අනගි සේවාව ඉටුකිරීමෙහි ලා ඔහුට සම්පත් හතරකින් අනුබල ලැබිණ. පළමු වැන්න ඔහු රුසියානු සමාජයත් සංස්කෘතියත් මැනවින් හදාරා තිබීමයි. දෙවැන්න ඇන්ටන් චෙකෝෆ් වෛද්‍යවරයෙකු හා කහිත්‍යධරයකු වු අතර ගනේවත්ත ජීව විද්‍යාඥයකු හා සාහිත්‍යධරයෙකු වීමයි. මෙම ගවේෂණ මාර්ග අතර සංවාදය දෙදෙනාටම වැදගත්ය.

තෙවැන්න ගනේවත්ත සූරින් සිංහල භාෂාව හා සාහිත්‍ය සම්ප්‍රදාය ඇසුරු කොට තිබීමයි. ඝනර වැන්න චෙකෝෆ් මෙන්ම පාලිත ගනේවත්ත මානව වාදයෙන් උත්තේජනයක් ලැබ තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් චෙකෝෆ්ගේ නිර්මාණ වල සංස්කෘතික පසුබිමෙහි, සමාජ දර්ශනයෙහි සුවිශේෂත්වය මැනවින් සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමට ගනේවත්තයෝ සමත් වෙති. ඔහුගේ මෙම ප්‍රසංසනීය ප්‍රයත්නය විද්වත් රසිකයන්ගේ අමන්ද කෘතඥතාව දිනාගනු නියතය.

ISBN
9786245578610
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇන්ටන් චෙකොෆ්‌ගේ කෙටිකතා දහයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.