දිසාපාමොක් මතක මං පෙත්

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
disapamok-mathaka-man-peth-malani-surasinghe-kathru

"දුෂ්කර සේවයේ යෙදී සිටි මුල් කාලයේ දිනක් මඟදී හමුවුණු පළමුවන ශ්‍රේණියේ කුඩා දරුවෙක් "නෝන මහත්තයා වරෙන් හේනට කැකිරි දෙන්න.” යයි මට පැවසුවා. වරෙන් කියූ වචනය නිසා මගේ හිත සසල වුණා.”

"මගේ ජීවිතයේදී මා ලද ප්‍රථම වැටුප සොරකම් කර තිබීම වේදනාකාරී අත්දැකීමක් වූවා. එය රැගෙන තිබුණේ පාසලේම සිසු දරුවෙක්. දිළිඳු අහිංසක පවුලක දරුවක වූ ඔහුට නීතිමය ක්‍රියා නොගෙන සමාව දීමට විදුහල්පතිතුමාගේ එකඟත්වයෙන් අපට හැකි වූවා.”

මා ත්‍රීරෝද රථයක් වෙත පා නැගුවේ මගේ පත්වීම ලද පාසල වන මැදගම මහා විද්‍යාලයට යාමටය. එහිදී එම ත්‍රීරෝද රථයේ රියදුරු මා වෙත පවසා සිටියේ අනේ මහත්තයෝ මේ වෙලාවේ අලි ඉන්නවා. තව ටිකක් එළිය වැටුනහම තමයි යන්න වෙන්නේ. කියාය.”

"හැම ළමයාම පුළුවන් විදිහට ගෙදරදී හැදුව එක එක ජාතියේ පාට පාට සරුංගල් අරගෙන පාසැල ඉදිරිපිට පිට්ටනියට සරුංගල් අරින්න ගිය දවසේ බොහොම හොඳට ඉර පායලා තිබුණා. අපි හැමෝම පෝලිමට පාසල් මිදුල හරහා ගියේ කඩා හැලෙන සතුටු සිනා වැස්සක තෙමි තෙමී, ඒ පෝලිම දිහා බලන් හිටිය හැම ගුරුවරයාගේ ම හැම දරුවන්ගේ ම ඇස් දිලිසිලා සිනා මල්පිපිලා තිබුණා.”

Author මාලනී සුරසිංහ - Malanie Surasinghe (4)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9786249223707
පිටු ගණන 276
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිසාපාමොක් මතක මං පෙත්
Back to Top