දිවි තිබෙන තුරු
මේ 1995 වසරය. වැලිඔය සිට මුලතිව් දෙසට යෙදෙන මාර්ගයේ කුමුලමුනේ ගම්මානයට ඉහළින් හිරු බැස යමින් තිබිණ. රත් පැහැ හිරුගේ අවසන් රැස්කැරලි යාබඳ ආන්දන්කුලම වනාන්තරයේ උස් ගස් අතර තැවරී තිබිණ.
කෝවිලත් පන්සලත් එකට යා කළ පින්බිම සිසාරා මොහොතකට පෙර පැතිර ගියේ මිනිසුන් මරණ භයින් කළ විලාප දීමම්ය. පෙර නිදහසේ පින්බිම පුරා සෙල්ලම් කළ කළුපාට සිරියාවන්ත කොලු පැටියාත්, බෝනිකි දැරියත් දැන් දෙපළකය.
" ඔකා සාමිගෙ කොල්ලා මරන්න එපා අරං යං..."
එය අණකි. ඒ අණුව කීකරුව ගිය එක් ත්‍රස්තවාදියෙක් දරුවාගේ අතකින් අල්ලාගෙන ඇදගෙන යද්දී වැලි පොලව මත මැරි වැටී උන් අම්මා මීනච්චිගේ දේහය ඔහු දුටුවේය.
සූර්යා විලාප දුන්නේය.
මීනාච්චිගේ දෑස් ඇරි තිබිණ. ඒත් රුදුරු අනාගතයක් කරා තමා ඉදිරිපිටින් ත්‍රස්තවාදීන් ඇදගෙන යන පුතුව ඇයට නොපෙනිණ. ඇය සියල්ල හැරගොස් තිබිණ. එහෙත් ගල්කුල අස්සේ අඳුර තුළ,විලාප දිගන්නවත් බයේ උන් බෝනික දැරිය තම පුංචි මිතුරාගේ රුව දුටුවාය.
'' සූර්යා අයියා......''
විලාප දෙන්නට උවමනා කළත් ඇගේ හඬ පිට නොවිණ.සූර්යාගේ රුවත් ත්‍රස්තවාදීන්ගේ රූප සමඟ වනයේ සෙවණැලි අතර නොපෙනී යනතුරු ඇය ගල්වී උන්නාය. දැන් සොහොන් පිටියක් තරමට පුදබිම පාළුය.රස්වාදීන්ගේ රූප සමඟ වනයේ සෙවණැලි අතර නොපෙනී යනතුරු ඇය ගල්වී උන්නාය. දැන් සොහොන් පිටියක් තරමට පුදබිම පාළුය. එහෙත් මෙසේ දෙපළකට වෙන්ව ගිය මේ අහිංසක පිරිමි දරුවාගේත්, ගැහැණු දරුවාගේත් අනාගතය කෙසේ නම් විසදේදැයි කාටනම් කිවහැකිද? අනාගතේ දවසක යළි ඔවුන් හමුවේද නොවේදැයි කවුරු නම් දනීද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.