Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිය මත ලෙය

දිය මත ලෙය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"වැඩිය හිතන්න කාරි නැහැ පුතේ. අපි මහ පොළව එක්කල ගැටිච්ච මිනිස්සු. අපි මැරෙන්නෙත් මේ පොළොවෙම තමයි. මේ මහ පොළොව තරම් වස්තුවක් අපිට නැහැ. අපිව මේ මහ පොළවෙන් වට්ටන්න කාටවත් බැහැ. පොළොවක් නැහැ කියලා හිතල ඒවා විනාශ කරන මිනිස්සුන්ට තමයි ඔය වීදුරු ගෙවල්වලින් කවද හරි පනින්න වෙන්නේ. අපි උත්සාහ කළේ ඔය පනින උන්ට පැනල හරි ජීවත්වෙන්න මහ පොළොව රැක දෙන්නයි. මම යන්නේ හම්බ කරන්නම නෙමෙයි. මේ මහ පොළොව අස්වද්දන්නයි. මට මේ රටේ කොයි පොළොවත් එකයි කොයි පසත් එකයි.”

*****

“ආ මහත්තයෝ, දැන් තමුන් ආවේ අපිට හුණු අළු දාලා වතුර බොන්න කියන්නද? මීට පස්සේ අපි තේ වලට සීනි වගේ හුණුඅළු දදා වතුර බොමු. ඒ හින්ද හැම ගෙදරකම හුණුඅළු බෝතලයක් තියා ගනිල්ලා. මේ මහත්තයෝ, මගේ යකා ආරූඩ නොකර යනවද මෙතනින්.”

*****

භීතිය, සැකය, සන්තාපය සමග මුසු වූ රාත්‍රිය ගෙවී ගියේ මහත් සෙමින්ය. ඒ රැය පුරාම වැලිඇල්ලේ මිනිසුන් කාලය ගත කළේ හැඬු කඳුළින්ය. තමන්ට කුමක් සිදු වුණේ දැයි ඔවුන්වත් නොදන්නේය. පිරිසිදු පානීය ජලය ඉල්ලා හඬා වැටුණු මිනිසත්කමට එල්ල වූ ප්‍රහාරය ඔවුනගේ සියලු මානසිකත්වයන් කඩා දමා තිබුණි. උදයේ හිරු රැස් වැලිඇල්ලට පායා එද්දී වැලිඇල්ලේ බොහෝ දෙනෙක් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේය. මේ සිදුවීම් පෙළ අතරින් ඉතාම හද දවන පණිවිඩය මුළු වැලිඇල්ලම සළිත කළේය. ඒ වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනෙකු මිය යාමේ පුවතය.

ISBN
9786246296599
පිටු ගණන (Pages)
306
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිය මත ලෙය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.