හිමි අහිමි
මේ අපගේ නිදහස් ලෝකයයි. ආදරණීය නිවහනයි. හිරු කිරණ ගස් අතරින් පෙරී එත් ම දවස අරඹන අපි මේ නිරායාස උයනේ පල භුක්ති විඳිමු. සිත් සේ සැරි සරමු. වැවේ බැස ක්‍රීඩා කරමින් ගිම් නිවමින් විනෝද වෙමු. අපි ප්‍රීතියෙන් ද සමගියෙන් ද එකිනෙකා කෙරෙහි සෙනෙහසින් ද වාසය කරමු. වාද ඛේද කිසිවක් අප අතර නැත. එසේ වන්නට අප පුරුදු පුහුණු කරන ලද්දේ අපගේ පරම්පරාගත වැඩිහිටියන්ය. පරම්පරාගත සිරිත් විරිත් ය. ඉතා තේජාන්විත ශරීරයකින් යුතු සටනකින් කවදාවත් නොපරදින මගේම මාමා මා වෙත සටනට එවූහ. මම වැටි වැටී සටන් කළෙමි. තුවාලවලින් ලේ ගලද්දී සටන් කළෙමි. අවසානයේ ඔහු පරදා නැගී සිටියෙමි. ඉවසිය යුතු තැන ඉවසීමට ද නොඉවසිය යුතු තැන නොඉවසීමට ද ඔවුහු මට හුරු කළහ. ගසක කරටිය කඩන්නට මට කිසිවිටක ඉඩ නොලැබුණි. ඒ ගස විනාශ වෙන නිසාය.අප කවුරුන් හෝ නිකරුණේ අතු පතර කැඩුවොත් එය දඬුවම් ලැබිය හැකි වරදකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.