කතා නදී
භාරතය අපේ සමීපතම අසල්වැසියාය. බොහෝ ඈත අතීතයේ සිටම අපි සංස්කෘතික, දේශපාලනික, ධාර්මික වශයෙන් භාරතය සමඟ බැඳී සිටින්නෙමු. අප රටේ කලා ක්ෂේත්‍රයට ඈත අතීතයේ සිටම භාරතයෙන් ඇතිවූ බලපෑම ඉමහත්ය. චිත්‍ර මූර්ති කලාව, සංගීතය, නර්තනය, සිනමාව ආදී සෑම ක්ෂේත්‍රයකම භාරතීය ස්පර්ශය මැනවින් පිළිබිඹු වේ. සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විමසා බැලුවහොත් ඉන්දියානු ශ්‍රේෂ්ඨ ලේඛකයන් වන රවින්ද්‍රනාත් තාගෝර්, අරුන්දති රෝයි වැන්නන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතය. නමුත් මෙම කෘතියෙහි ශ්‍රී ලාංකික පාඨකයන්ට ආධුනික වුවද, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් ගනයෙහි ලා සැලකෙන ලේඛක ලේඛිකාවන් වන ප්‍රේම්චන්ද්, මහාදේවී වර්මා, සුභද්‍රා කුමාරි චෝහාන්, විශ්වම්භර්නාත් ශර්මා, ශ්‍රී සියාරාම් ශරගුප්ත, රාජේන්ද්‍ර යාදව්, භගවතී චරන් වර්මා, මන්නු භණ්ඩාරි වැනි අයගේ කතා පරිවර්තනයන් අන්තර්ගතවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ එවන් ලේඛකයන් ශ්‍රී ලාංකික පාඨකයන් අතර ප්‍රචලිත කිරීමට දැරූ ප්‍රයත්නයයි. මෙහි ලේඛිකාව වන වරුණි උත්පලා පිළිබඳව මා දැන අඳුනාගන්නේ ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වූ භාරත ගී වින්දන වැඩසටහනෙනි. එය නැරඹූ හට ඇයගේ හින්දි භාෂා දැනුම පිළිබඳව පැහැදීමක් ඇති විය. දැනට හින්දි භාෂා ගුරුවරියක, රූපවාහිනී හා ගුවන්විදුලි හින්දි නිවේදිකාවක, ගීත රචිකාවක වශයෙන් කටයුතු කරන වරුණි උත්පලා නානායක්කාර ලේඛිකාවක් ලෙස දොරට වඩින්නේ මෙම කෘතියෙනි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ හින්දි භාෂා ක්ෂේත්‍රයට ඇගෙන් වන දායකත්වය තවත් පියවරකින් ඉදිරියට ගමන් කරන බව පෙනී යයි. මෙම කෘතිය මගින් ලේඛන දිවියේ සමාරම්භය සනිටුහන් කරන ඇයට ඉදිරියේදී තවත් කෘති රාශියක් බිහිකිරීමට හැකිවේවා යනු මගේ පැතුමයි.
සිරි කහවල මාධ්‍යවේදී, ලේඛක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.