Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්නු
About this book

මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?"

අක්කා නෝක්කාඩුවෙන් කීවාය.

''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?"

එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය.

“තාත්තිත් මට හිනාවෙනවා.

“මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ.” "හූ.. හූ. අන්දරේ අන්දරේ “

"සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි.

රිදී කලේ රන් කොතලේ බීපු මට

නිකං කළේ දිය නැති විය පිපාසෙට

කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට

මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට

ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය.

''පුතා''

තාත්තා ආවේගයෙන් කෑ ගැසීය

''හරි.හරි..සොරි තාත්ති” ඔහු නැගිට්ටේය.

"ඇයි තාත්ති?"

අක්කා ඇස් කුඩා කර කුතුහලයෙන් ඇසුවාය.

''ඒ කවිය තමයි අන්දරේ මැරෙන්න මොහොතකට කලින් කියපු කවිය.”

"ඉතින් තාත්ති මල්ලි අර කතිරයක් වගේ හිටියේ.”

"ඔයාලා දන්නවද අන්දරේ මැරුනෙත් මිනිස්සු හිනස්සවලා. එයා මැරෙද්දී තිබුණේ ඒ ඉරියව්වලු. අදටත් ඒ සොහොන තියෙනවලු.” රෑ බදුල්ලාගේ කතාව අවසන් විය.

ISBN
9786245673476
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මන්නු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.