මන්නු
මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?"
අක්කා නෝක්කාඩුවෙන් කීවාය.
''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?"
එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය.
“තාත්තිත් මට හිනාවෙනවා.
“මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ.” "හූ.. හූ. අන්දරේ අන්දරේ “
"සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි.
රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකං කළේ දිය නැති විය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට
මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට
ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය.
''පුතා''
තාත්තා ආවේගයෙන් කෑ ගැසීය
''හරි.හරි..සොරි තාත්ති” ඔහු නැගිට්ටේය.
"ඇයි තාත්ති?"
අක්කා ඇස් කුඩා කර කුතුහලයෙන් ඇසුවාය.
''ඒ කවිය තමයි අන්දරේ මැරෙන්න මොහොතකට කලින් කියපු කවිය.”
"ඉතින් තාත්ති මල්ලි අර කතිරයක් වගේ හිටියේ.”
"ඔයාලා දන්නවද අන්දරේ මැරුනෙත් මිනිස්සු හිනස්සවලා. එයා මැරෙද්දී තිබුණේ ඒ ඉරියව්වලු. අදටත් ඒ සොහොන තියෙනවලු.” රෑ බදුල්ලාගේ කතාව අවසන් විය.