Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මිලා 18

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මේ පොතට යොදා ඇති නම
තරමක් අමුතු බව ඇත්තකි.
මෙම පරිවර්තනය සඳහා අප භාවිතයට ගත්
මුල් ඉංග්‍රීසි පොතෙහි නම වූයේ ද
Mila 18 යන්න ය. එහෙයින් සිංහල
කෘතිය මිලා 18 වීම අරුමයක් නො
වෙතත්......කුමක්ද මේ මිලා 18?

    එය පෝලන්තයේ වෝර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු
ප්‍රසන්න විදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට යට
කැරැලි කරුවන්ගේ ප්‍රධානතම භූ ගත බංකරය පිහිටියේ ය. එයට
ළඟා වීමටත්, එය අල්ලා ගැනීමටත් ජර්මානුවන් යෙදූ උපක්‍රම සහ
යුද බලය ගැන සිතා බලන විට නම් මිලා 18 යනු ප්‍රසන්න නොව
අතිශයින්ම අප්‍රසන්න විදියක් නොවන්නේ දැයි මට සිතෙයි. නාසි
ග්‍රහනයට හසුව ගෑස් කාමරයකදී මිය යනු වෙනුවට දිනන්නට බැරි
බව හොඳින්ම වටහාගත්තද, සටන් වැද මරණයට පත් වීමේ
මාර්ගය තෝරාගත් අහිත මිනිසුන් සහ ගැහැනුන් සමුදායකගේ
සත්‍ය කතාවක් නවකතාවක ස්වරූපයෙන් මිලා 18 තුල එයි.

     මගේ පොත් අතර පරිවර්තන නවකතා ඇත්තේ ස්වල්පයකි.
මගේ සිත ඉතා තදින් ඇද බැඳ නොගන්නා කිසිම පොතක් මම
සිංහල බසට නගා නැත්තෙමි. මේ කදිම පොත ගැන ද කිව යුත්තේ
එයම ය. මෙහි මුල් ඉංග්‍රීසි පොත මා කියවූයේ 1985 තරම් ඈත
අතීතයේ දිනකය. එදා සිට පෙරුම් පිරුව ද, එහි සිංහල පොත ඔබ
අතට පත් වන්නේ ඉන් වසර තිස් හතකට පසුව යි.

ISBN
9789553126511
පිටු ගණන (Pages)
687
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිලා 18

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.