Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්‍රබන්ධය)

ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්‍රබන්ධය)

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

හෝමර්ගේ ඔඩිසි ගැන පාසල් යන යොවුන් වියේ දරු දැරියන් කීවේ කුමක්දැයි ඔබ දන්නවාද? “එය ලොව පළමු ප්‍රබන්ධයයි. සෑම ප්‍රබන්ධයකටම වඩා ශ්‍රේෂ්ඨ වූ එකකි. එය මුලින්ම අවරදිග සිතක ඇති වූ සාහිත්‍යමය සිතුවිල්ලයි. මෙතෙක් ලියා ඇති හොඳම ප්‍රබන්ධයයි.”

මෙහි ඉංග්‍රීසි පරිවර්තනය ගැන ඩඩ්ලි ෆිට්ස් විසින් මෙසේ පවසනු ලැබ ඇත. එනම් “ඩබ්ලිව්. එච්. ඩී. රවුස් මහතා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති මා කියවා ඇති හෝමර්ගේ හොඳම පරිවර්තන කෘතියයි. ඔහු නවයුගය කරා මෙය ගෙනාවේ 1937 වසරේ මෙය පරිවර්තනය කරමිනි. මෙම මුද්‍රණය තවදුරටත් දකින්නට නොලැබෙනු ඇත.”

මේ කතාව වෙනස් කරමින් ඇමරිකානු පුස්තකාලය මෙය නැවත මුද්‍රණය කළේය. ඒ ඇමරිකානු ජනතාවට ය.

ඩබ්ලිව්. එච්. ඩී. රවුස් විසින් ඔහුගේ ප්‍රස්තාවනාවේ මෙසේ කියයි. රහස් පරීක්ෂක කෘති කියවා ත්‍රාසයට, කැලඹීමට රිසි අයට මේ පොත හොඳයි. මෙහි ඕනෑතරම් කැලඹිලි තිබේ. සුරංගනා කතා කැමති අයට ද එසේය. මීට වඩා හොඳ සුරංගනා කතා කොතනකවත් නැත. මනෝවිද්‍යාව සොයන අයට ඕනෑතරම් ඒ සම්බන්ධ දේ තිබේ. ඒ මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ සිත ද ගැනයි. ගැඹුරු වින්දනය සහිත මොළොක් මුදු, හැඟීම් උවමනා අයට අවසානයේ ඔඩ්සියස් පැමිණ තම ආදර බිරිය හමුවන විස්තරයේ ඉතා ඉහළ මානව ආදරයක් ගැන විස්තර වේ.

ISBN
9786240030335
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්‍රබන්ධය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.