Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇලිස්ගේ අපූරු චාරිකාව

ඇලිස්ගේ අපූරු චාරිකාව Hard Bind

About this book

“කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා”.

"ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,". බළලා උත්තර දුන්නා.

"මට ප්‍රශ්නයක් නෑ, කොහාට වුණත්." ඇලිස් කිව්වා.

"එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි.” බළලා කිව්වා

"මට කොහේ හරි තැනකට යන්නයි ඕන.¨ ඇලිස් විස්තර කළා.

" දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි.”

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.

මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.

අසංක්ෂිප්ත පරිවර්තනය

ISBN
9789554307667
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇලිස්ගේ අපූරු චාරිකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.