Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / අමතක වූ උරුමය කවන්ධයට හිසක්

අමතක වූ උරුමය කවන්ධයට හිසක්

About this book

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙ රට වූ මාක්ස්වාදීන් සමඟ එක් වී 70-77 කාලය තුළ අනුගමනය කළ සමාජ-ආර්ථික ක්‍රියාදාමය දිගට ම ගෙන යන ලද්දේ නම් මේ රට අද වන විට සිය ස්වෛරීභාවය රැකගැනීමට සමත් වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු අතර සාමකාමී තෘප්තිමත් සමාජයක් අත් කරගැනීමේ අවස්ථාව ද අපට තිබුණු බව ඇතමකු ගේ මතය වෙයි. මේ නිගමනය මුළුමනින් බැහැර කළ හැකි නො වේ. එහෙත් මේ රටේ ජනතාව 77 දී ඒ සමාජ-ආර්ථිකය ප්‍රතික්ෂේප කළ බව අපි දුටුවෙමු. ඉන් පසු අප ගේ පාලකයන් කටයුතු කර ඇත්තේ සිංහල- බෞද්ධයා මානව හිතවාදී සමාජවාදය මුළුමනින් බැහැර කළ පිරිසක් ලෙස සලකා බව පෙනේ. ඒ ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව මානව හිතවාදී සමාජවාදය එපා වීම නො ව ඒ පෙරළියට සරිලන දාර්ශනික-ආධ්‍යාත්මික පෙරළියක අවශ්‍යතාව ඒ අනුකාරක පාලකයන්ට සහ බුද්ධිමතුන්ට නො පෙනී යෑම යි. අප ගේ ජනතාව වසර දහස් ගණනක් තුළ බුදු දහම ඇසුරින් ලබාගත් ආධ්‍යාත්මික දාර්ශනික ලෝකයක් උරුම කරගෙන ඇති බව ඔවුහු නුදුටුවහ. මානව හිතවාදී සමාජවාදයකට අවශ්‍ය තෝතැන්න බුදු දහම විසින් අප ගේ හදවත තුළ නිදන් කරනු ලැබ තිබේ. මෙය වටහා නොගත් පාලකයන් අප අනුකාරක මාක්ස්වාදය නැති නම් ධනවාදය ඔස්සේ ගෙන යමින් අප අනාථ කර තිබේ. තිස්වසරක් පුරා මේ රට අමු සොහොනක් කළ උතුරේත්-දකුණේත් ත්‍රස්තවාදය වත් ඔවුන් ගේ දෑස් ඇරලීමට සමත් වී ඇති බවක් නො පෙනේ.

අප ගේ අධ්‍යත්මයට කා වැදී ඇති බෞද්ධ දර්ශනය මුල් කරගත් සමාජ-ආර්ථික මොඩලයකින් විනා මෙ තෙක් අනුකරණයෙන් තනාගත් මොඩල මඟින් අප පතන සමාජ- ආර්ථිකය ලබාගත නොහැකි බව මේ වන විට සුළු පිරිසකට හෝ පෙනී ගොස් ඇති බව දක්නට ලැබේ. එහෙත් එය ඉබේ පහළ විය හැකි නොවේ. එය ඉටු කරගත හැක්කේ අප ගේ අධ්‍යාත්මය දාර්ශනික විප්ලවයකට භාජන කිරීමෙන් පමණි.

මේ නිබන්ධනය ඒ ආධ්‍යාත්මික - දාර්ශනික විප්ලවය සඳහා කරනු ලබනු ලබන ඇරියුමක් වෙයි. ඒ ඇයුම අපට පමණක් නො ව මාක්ස්වාදයෙන් මෙන් ම ධනවාදයෙන් ද හෙම්බත් ව ඇති වත්මන් ලෝකයට ද කරනු ලබන ඇරියුමක් වනු ඇත.

ISBN
9789551741860
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමතක වූ උරුමය කවන්ධයට හිසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.