ආරාමදාස ස්වර්ණ පුස්තක සම්මාන 2021
ඉතිහාසය ගොඩනැඟීමත් ඊට යටත් වීමත් නොව, හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි. මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළයුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඩ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි. 'ආරාමදාස' නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන්ට කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි. සලාවැටුමක් හෙවත් දියසුළියකට හසුවනබොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමග ඉතිහාසයහරහා නිදහසේ ගමනේ යෙදෙයි.
ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරි ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයින්ටපැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබඇති මේ දුක්කිතයන් ලේඛයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයන් ලෙසිනි. ආරාමදාසයෝ එදත් අදත් අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි. උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි. මේ නවකතාව මේ සියලු කාරණාතුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.