Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / භාෂා පරිවර්තන අධ්‍යයනය

භාෂා පරිවර්තන අධ්‍යයනය

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

භාෂා පරිවර්තනයට අදාළ සිද්ධාන්ත හා ප්‍රායෝගික කරුණු පිළිබඳ අධ්‍යයනය කෙරෙන බහුභාෂීය වූ ද, අන්තශ්ශික්ෂණීය වූ ද විෂය ක්ෂේත්‍රය භාෂා පරිවර්තන අධ්‍යයනය’ (Translation Studies) යි. උපාධි පාඨමාලා විෂයයක් වශයෙන් 1970 දශකයේ ආරම්භයේ දී මෙරට උසස් අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදෙනු ලැබූ භාෂා පරිවර්තනය මේ වන විට ගෞරව උපාධි විෂයයක් වශයෙන් මෙන් ම පශ්චාද් උපාධි විෂයයක් වශයෙන් ද ස්ථාපිත ව ඇත.

යම් විෂය ක්ෂේත්‍රයක සංවර්ධනයට හේතු වන ප්‍රධාන සාධක ද්වයයක් නම් එයට අදාළ ව පර්යේෂණ සිදු වීම සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ වීම යි. භාෂා පරිවර්තන අධ්‍යයනය සම්බන්ධයෙන් උක්ත සාධක ද්වයයෙහි ම ලා ස්වකීය දායකත්වය සපයා ඇති ජයමල් ද සිල්වාගේ භාෂා පරිවර්තන ප්‍රවේශය (2018) නම් ශාස්ත්‍රීය ග්‍රන්ථයෙහි සංවර්ධිත මුද්‍රණය මෙය යි. භාෂා පරිවර්තනය පිළිබඳ විධිමත් සෛද්ධාන්තික විග්‍රහයක් ඇතුළත් ප්‍රථම සිංහල ග්‍රන්ථය වන මෙය භාෂා පරිවර්තනය හදාරන විද්‍යාර්ථීනට, පර්යේෂකයනට මෙන් ම භාෂා පරිවර්තකයනට ද ප්‍රයෝජනවත් කෘතියකි.

 

ISBN
9786240029100
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භාෂා පරිවර්තන අධ්‍යයනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.