කොළඹ මතක
කුමුදුගේ වියමන විසින් අපට ඉතිහාසය සහ මතකයන් අතර වන වෙනස ගැන යම් ආලෝචනයක් ඇති කරවයි. ඉතිහාසය යනු යථකි (Real). එනම් අර්ථකථනයන් වෙනුවෙන් පෙනී සිටින අතරේම එහි අසමත්කමද දරා සිටින්නකි.
'සැබෑ ඉතිහාසය' යනු කුමක්ද යන පරීක්ෂාවන්ට විවිධ ආඛ්‍යානවේදයන් අතර වන කතිකාමය තරගය නොවැළැක්විය හැකි ලෙස මුණගැසෙන්නේ මෙ නිසාය.
ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුද්ගල හා සාමූහික මතකයන් යනුම ඉතිහාසමය යථාව ග්‍රහණය කරගැනීම සඳහා වන කතිකාමය ප්‍රවේශයකි. එවැනි මතක සාහිත්‍යයන් බොහෝ විට විධිමත් හා සංගත භාෂා අඩවියෙන් පිටස්තර විය හැකිය. විද්‍යාත්මක හා තාර්කික සිතීමට අනුව ප්‍රශ්නකාරී විය හැකිය. එහෙත් 'හැමවිටම ඉතිහාසගත කිරීම’ සඳහා ('Always historicize' - Fredric Jameson) මෙම 'මතක කැබලි' තීරණාත්මක වැඩ කොටසක් ඉටුකරනවා පමණක් නොව අධිපති ඉතිහාස කතිකාවන්ගේ සීමාවන් හඳුනාගැනීමටත් ඉන් මර්දනය කෙරුණු අහුමුලු වෙත දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල කිරීමටත් ඒවා අත්‍යවශ්‍ය වී ඇත. එහෙයින් මට අනුව කුමුදු විසින් සිදුකර ඇත්තේ තමන් විසූ ප්‍රදේශයක දිවි පෙවෙත ගැන සිතට නැගුණු මතකයන් ලියා තැබීමකට වඩා එක්තරා ලාංකේය යුග නිමේෂයක් ප්‍රදේශකරණය කිරීමකි (Territorialization). ස්ත්‍රී ආත්ම මූලිකත්වයට බර ඇයගේ කථන ප්‍රවේශය ඊට එක්කර ඇත්තේ හානියක් නොව අනිවාර්ය වාසියකි.
විදර්ශන කන්නන්ගර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.