දේවතාපය

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
dewathapaya-edward-bulwer-i-m-r-a-irriyagolle-heladiwa

ඉංගිරිසියෙන් සිංහලයට නැඟුණු උත්කෘෂ්ට සාහිත්‍ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොත් දෙකක් එකල සිංහල පාඨක ජනයා අති මහත් අභිරුචියකින් කියවනු අපි දුටුවෙමු. වික්ටර් හියුගෝ නමැති සුප්‍රකට ඉංගිරිසි ලේඛකයා විසින් Les Miserable නමින් ලියනු ලැබ '' මනුතාපය '' නමින් සිංහලයට නැඟුණු නව කතාවත්, එඩ්වර්ඩ් බුල්වර් ලිටන් නමැති වියත් ඉංගිරිසි ලේඛකයා විසින් The Last Days of Pompeii නමින් ලියනු ලැබ "දේවතාපය '' නමින් සිංහලයට නැඟුණු නවකතාවත් ඒ පොත් දෙකයි. මේ පොත් දෙකෙහිම පරිවර්තකයා වූයේ එකල සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ පැසසුමට ලක්වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතායි. මින් මනුතාපය නොකඩවා සිංහල පාඨකයින්ට කියවන්නට ලැබුණද, දේවතාපය කුමන කරුණක් නිසා හෝ කලක් සොයා ගැනීමට නොහැකිව පැවතියේය. එම අඩුව සපුරාලමින් එය යළි පාඨකයින් අතට පත් කිරීම සතුටට කරුණකි.

ක්‍රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්‍රීක සභ්‍යත්ව යුගයෙහිදී විසූවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් දේව තාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හඳුන්වන්නට කවුරු නම් මැලිවෙත්ද?

- සිරිසේන විතානගේ

විශ්‍රාමික අතිරේක ලේකම්, ප්‍රවීණ ලේඛක

Author අයි එම් ආර් ඒ ඊරියගොල්ල - I.M. R. A. Eeriyagolla (3), Edward Bulwer Lytton (1)
Publisher හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (50)
More Information
ISBN 9786245758258
පිටු ගණන 158
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දේවතාපය
Back to Top