Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දේවතාපය
About this book

ඉංගිරිසියෙන් සිංහලයට නැඟුණු උත්කෘෂ්ට සාහිත්‍ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොත් දෙකක් එකල සිංහල පාඨක ජනයා අති මහත් අභිරුචියකින් කියවනු අපි දුටුවෙමු. වික්ටර් හියුගෝ නමැති සුප්‍රකට ඉංගිරිසි ලේඛකයා විසින් Les Miserable නමින් ලියනු ලැබ '' මනුතාපය '' නමින් සිංහලයට නැඟුණු නව කතාවත්, එඩ්වර්ඩ් බුල්වර් ලිටන් නමැති වියත් ඉංගිරිසි ලේඛකයා විසින් The Last Days of Pompeii නමින් ලියනු ලැබ "දේවතාපය '' නමින් සිංහලයට නැඟුණු නවකතාවත් ඒ පොත් දෙකයි. මේ පොත් දෙකෙහිම පරිවර්තකයා වූයේ එකල සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ පැසසුමට ලක්වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතායි. මින් මනුතාපය නොකඩවා සිංහල පාඨකයින්ට කියවන්නට ලැබුණද, දේවතාපය කුමන කරුණක් නිසා හෝ කලක් සොයා ගැනීමට නොහැකිව පැවතියේය. එම අඩුව සපුරාලමින් එය යළි පාඨකයින් අතට පත් කිරීම සතුටට කරුණකි.

ක්‍රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්‍රීක සභ්‍යත්ව යුගයෙහිදී විසූවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් දේව තාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හඳුන්වන්නට කවුරු නම් මැලිවෙත්ද?

- සිරිසේන විතානගේ

විශ්‍රාමික අතිරේක ලේකම්, ප්‍රවීණ ලේඛක

ISBN
9786245758258
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේවතාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.