ධවල කාල
“ඇයි පව් කියන්නෙ?”
“නගරෙ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ දිනා ගන්න ලොකු ලොකු අරමුණු නෑ. අරමුණු පුංචි වුනත් ඒ වෙනුවෙන් කරන කැප කිරීම, විඳින දුක ඊට වඩා ගොඩාක් ලොකුයි.”
“ඇත්ත මිත්‍රයා.”
උදාර පැවසුවේ ශෝකී හඬිනි.
“අපේ සේවා කාලයේදී වැඩි හරියක් හමුවෙලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු. මතකද.. පාර්වතී... මුත්තු... සින්නයියා... උමා... සිත්ති.. සුලෙයිමාන්..?”
උදාර නම් වැලක් දිගටම පවසාගෙන ගියේ දීර්ඝ කාලයක් සමාජ සේවයෙහි යෙදී සිටියදී නැගෙනහිර පළාතේ ගම්වල ජීවත් වන දමිළ හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකුට මුහුණ පාන්නට වූ ඛේදවාචකයන් පිළිබඳව සිතුවම් තම හද තුළ අඳිමිනි.
“මට කවදාවත් අමතක වෙන්නෙ නෑ උදාර. පොඩි එකා ඩෙංගු හැදිලා මැරිලා ගිය දවසෙ පාර්වතී අඬපු ඇඬිල්ල… ළමයෙක් හම්බ ගිහින් ගෑනු කෙනා මැරුණු දවසෙ සුලෙයිමාන් කෑගහලා ඇඬුවෙ නැතිවට ඒ මනුස්සයගෙ මූණෙන් පිටාර ගලපු දුක! මහ කැලේ මැද්දෙදි දූෂණයට ලක් වුනු උමා කෙල්ල අත්තන ඇට කාලා මැරිලා ඉඳලා දවස් ගානකට පස්සෙ මිනිය හම්බ වුනාට පස්සෙ, සින්නයියා එල්ලිලා මැරිච්ච දවස. මේ කිසිම දෙයක් මට කවම කවදාවත් අමතක වෙන්නෙ නෑ.”
“ඇයි? ඒ වගේ සංවේදී හිත් තියෙන අපි යන මේ ගමන වළක්වන්න උත්සාහ කරන එන්.ජී. ඕ. කාරයෝ?”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.