Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුරු රටක දුකට කිරියක

දුරු රටක දුකට කිරියක

About this book

සිරිපාල ගිය පසු ඔහු විසින් මට ලියා එවන ලද සුත්ත නිපාත පාඨය සිහිපත් කිරීමට මම තැත් කෙළෙමි. එහි භාවාර්ථය මා සිහිපත් කළේ මගේ මතකය කූද්දනු පිණිස ය.

‘දියෙන් උපත ලබන නෙළුම් මල දියෙහි නො ගැලී දිය මත මනරම් ලෙස බැබළෙමින් සුවඳ වගුරුවමින් පවතියි. කෙලෙස් ප්‍රහීණ කළ බුද්ධාදි උත්තමයෝ ද, සෝතාපන්නයෝ ද ලොව තුළ වසන නමුදු ඒ පියුම සේ‍ ලෝ තුළ නො ගැලී ගුණ සුවඳ වගුරුවමින් ජීවත් වෙති.

"යථාපි උදකෙ ජාතං

පුණ්ඩරිකං පවඩ්ඩති

නඋපලිප්පති තොයෙන

සුවිගන්ධං මනොරමං

"එවං ලොකෙ සුජාතො

බුද්ධො ලොකෙ විරජ්ජති

නඋපලිප්පති ලොකෙන

තොයෙන පදුමං යථා”

මතකයට නඟාගත් ඒ සුන්දර කාව්‍යෝක්තිය මා දින ගණනක් යන තුරු සිහිපත් කළේ, හඬ නඟා කියවූයේ ප්‍රණීත ආහාරයක් තලු ගසමින් රස විඳින්නාක් මෙනි.

මා ඒ මඟට පිළිපන් සෝතාපන්නයකු නොවන බව දනිමි.එහෙත්, ඒ සෝතස දැක-ඇඳිනගැනීමට මා දැන් සමත් වීඇතැ යි මට සිතේ.

ISBN
9755917035
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුරු රටක දුකට කිරියක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.