Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / එක් දහස් එක් රැය - වෙළුම I සහ II

එක් දහස් එක් රැය - වෙළුම I සහ II

About this book

පර්සියානු කලාපයේ ප්‍රකට වූ ජනකතා එකතුවක් ලෙස සැලකෙන "එක් දහස් එක් රැය" Sir Richard Francis Burton විසින් රචිත The book of thousand Nights and a Night නම් කෘතියේ සංශ්ශිප්ත සිංහල පරිවර්තනයයි .

අරාබි නිසොල්ලාසය, අරාබි නිසානන්දය ආදි විවිධ නම් වලින් ප්‍රකට වූ මෙම කතා මාලාව ඉස්ලාමයේ සුවර්ණමය යුගයේ නිර්මාණය වූ ජනකතා එකතුවක් ලෙස සැලකේ.

අපූරු කතා එක් දහස් එකක් නිර්මාණය වීමට පදනම් වී ඇත්තේ අපූරු කතා පුවතකි.
" සිය බිරින්දගේ ගේ නොමනා හැසිරීම් නිසා සියලුම කාන්තාවන් කෙරේ කළ කිරෙන ෂාරියාර් රජතුමා දිනක් සිය පුරෝහිතයාට නියෝග කරන්නේ සෑම දිනකම රාත්‍රියට රජතුමාට කන්‍යාවියක ලබා දිය යුතු බවත් පසුවදා උදෑසන ඇය මරා දැමිය යුතු බවත්‍ ය. දිනෙන් දින රටේ තරුණියන් මෙලෙස මරා දැමුනු අතර රට පුරා තරුණියන් රට හැර පළා යාමට විය. මේ නිසා අවසානයේ පුරෝහිතගේ දියණියගේ වාරයද එළඹුණි. අතිශයින් බුද්ධිමත් තරුණියක වූ ෂාරසාද් නම් වූ ඇය සිය පියා සනසා මාළිගාවට පිටත් වූයේ සිය ඉරණම වෙනස් කර ගැනීමේ අදිටනෙනි .රජතුමා හමුවට ගිය ඇය රජුගෙන් ඉල්ලා සිටින්නේ සෑම දිනම රාත්‍රීයේ සිය නැගණියට කතන්දරයක් කියන බැවින් සිය අවසන් රාත්‍රීයේද ඇයට එම අවසරය ලබා දෙන ලෙසය. එයට එකග වන රජුද මෙම කතන්දරය අසා සිටී. උපක්‍රමශීලීව කුතුහලය දනවමින් කතාව අවසන් කළ ඇය පවසන්නට වූයේ තමා ජීවත්ව සිටියහොත් කතාවේ ඉතිරිය ඊලග දින පවසන බවය. කුතුහලයෙන් වෙළී සිටින රජු ෂාරසාද් නොමරා ඊළග දිනයේද ඇයගෙන් කතාවක් අසා ගනී. මෙලෙස රැයවල් දහසක් තිස්සේ ෂාරසාද් කුමරිය පැවසූ කතා එකතුව " එක් දහස් එක් රැය " බවට පත් විය."

1706 දී මෙය ප්‍රථම වරට ඉංග්‍රීසියට පරිවර්තනය වූ අතර ඉන් පසු විවිධ කතුවරුන් අතින් මෙය විවිධ භාෂාවන්ට පරිවර්තනය වුවද 1885 දී Sir Richard Francis Burton විසින් පළ කල The Book of Thousand nights and a Night නම් කෘතිය සාර්ථකම නිර්මාණය ලෙස සැලකේ. වෙලුම් දහයකින් සමන්විත වූ මෙයට ඔහු පසුව වෙලුම් 6කින් යුතුව The Supplemetal Nights of the Thousand nights and a night ලෙස තවත් නිර්මාණයක් එක් කරන්නේ ඔහු පසුව සොයා ගත් කතා එක් කරමිනි.

1892 දී ඇල්බට් ද සිල්වා මහතා අතින් ප්‍රථම වරට සිංහලට පරිවර්තනය වූ මෙය පසුව කේ.බී. සුගතදාස ශූරින් අතින් අරාබි නිශානන්දය ලෙසින් ද පසුව අරාබි නිසොල්ලාසය ලෙස කාණ්ඩ 10කින් ටෙනිසන් පෙරේරා මහතා අතින් ද සිංහලට පරිවර්තනය විය.

" එක් දහස් එක් රැය" ලෙසින් මහින්ද ගුණවර්ධන මහතා අතින් පළ වන්නේ මෙහි සංශ්ශිප්ත සිංහල පරිවර්තනයයි . කතා රසය උපරිමයෙන් රැදෙන පරිද්දෙන් කාණඩ 2 කින් පළ කර ඇති සිංහල පරිවර්තනය ඉතා රසවත්ය. එක දිගට කියවිය හැකි අපූරු සරල බස් වහරකින් රචනා වී ඇත.

Thousand nights and a night by Sir Richard Francis Burton 
පරිවර්තනය - මහින්ද ගුණවර්ධන

ISBN
9789553493729
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. එක් දහස් එක් රැය - වෙළුම I සහ II පිළිබදව
    එක් දහස් එක් රැය - වෙළුම I සහ II තුළ පොත් දෙකම තිබෙනවද?
    Dilakshi රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: එක් දහස් එක් රැය - වෙළුම I සහ II

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.