එකසිය තිස් අට
මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ්‍රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික්‍ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ ‘භාෂාව’ නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප්‍රකට කරයි. එය අපගේ අප්‍රමාණ සතුටට හේතුවක් වේ. ඔහු සිය කවිය ඔස්සේ උත්සාහ දරන්නේ ජීවිතය පිළිබඳ මහා කතාවක් කියන්නට ය. 'බාලගිරි දොස වැස්ස, නුඹටත් හුරුවෙලා' කවිය ඒ සඳහා කදිම උදාහරණයකි.
නෙලුම් මල් නෙලුම් කොළ පරව ගිය නටු අතර නෙලුම් අල උඩබලා හිඳී එනතුරු වැස්ස බලාහිඳ බොහෝ කල් වයසකම නෙලුම් අල මැරී ගිය බව ඇත්ත නොලැබ වැස්සේ සිසිල
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.