එකසිය තිස් අට

by
Special Price රු. 297.50 Regular Price රු. 350.00
Out of stock
SKU
ekasiya-this-ata-madhushantha-bandara-abilipitiya-sooriya

මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ්‍රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික්‍ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ ‘භාෂාව’ නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප්‍රකට කරයි. එය අපගේ අප්‍රමාණ සතුටට හේතුවක් වේ. ඔහු සිය කවිය ඔස්සේ උත්සාහ දරන්නේ ජීවිතය පිළිබඳ මහා කතාවක් කියන්නට ය. 'බාලගිරි දොස වැස්ස, නුඹටත් හුරුවෙලා' කවිය ඒ සඳහා කදිම උදාහරණයකි. 

නෙලුම් මල් නෙලුම් කොළ පරව ගිය නටු අතර නෙලුම් අල උඩබලා හිඳී එනතුරු වැස්ස බලාහිඳ බොහෝ කල් වයසකම නෙලුම් අල මැරී ගිය බව ඇත්ත නොලැබ වැස්සේ සිසිල 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Author Madhushantha Bandara Abilipitiya (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564648
පිටු ගණන 77
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එකසිය තිස් අට
Back to Top