Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ගැමි සන්නිවේදනය

ගැමි සන්නිවේදනය

About this book

සාම්ප්‍රදායික ජන සන්නිවේදනය පිළිබඳ දැනුම ලබාගනුවස් සිදු කරණ අධ්‍යනයන් අතිශයින් වැදගත්ය. එකී පාරම්පරික ඥානය නූතන අවශ්‍යතා නිර්මාණය කරණයෙහිලා ප්‍රබල උපස්තම්භන සාධක සපයා ඇත. ගැමියා සතුව පැවති සන්නිවේදන හැකියාව ප්‍රකට කරවන අප සතු සුවිශේෂී අස්පරිශිත උරුමයක් ලෙස ජන සාහිත්‍ය හැඳින්විය හැක.

ප්‍රතිචීන ජනශ්‍රැති අධ්‍යනයන් (folklore education) කොටස් පහකට බෙදේ. එනම්, දේව කථා හෙවත් පුරාණ ප්‍රවාද (legends), ජනකතා (folk tales), උපමා හා ආදර්ශ කථා (fables) සුරංගනා කථා (fairy tales) වශයෙනි. මේ එක් අංශය සතුව ජන කථා, ජන කවි මෙන් ම පිරුළු, උපමා වැනි දෑ ද එක් වී ඇත. මේ සියල්ලන්ගෙන් පරිපූර්ණ ජන සාහිත්‍යයක් දේශීය ගැමි සමාජය සතුව පැවතීම භාග්‍යයකි.

ජන සාහිත්‍යයේ ප්‍රතිනිර්මාණය වී ඇති ගැමි ජන චින්තනය පරික්ෂා කිරීමට නම් අප තත් සාහිත්‍ය කදිමට අවබෝධ කරගත යුතුය. මේ සඳහා එහි දෘශ්‍යමාන විනිවිද යාම අත්‍යාවශ්‍ය වේ. ජන සාහිත්‍යයේ බාහිර හැඩය හා අභ්‍යන්තරාර්ථ අතර ඇති මෙම වෙනස හැදෑරීම ජන සාහිත්‍ය අධ්‍යනය මගින් සිදු කළ යුතුමය මෙම කෘතිය නූතන සන්නිවේදන විද්‍යාඥයින් විසින් සන්නිවේදන ක්‍රියාවලියේ දී හඳුන්වා දී ඇති ප්‍රධාන සංකල්ප කිහිපයක් ඔස්සේ ජන සාහිත්‍යයේ දෘශමාන හැඩයන් විනිවිද දැකීමට ගත් උත්සාහයක් ලෙස පෙන්වා දිය හැක.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූ මෙහි කර්තෘවර තරිඳු බණ්ඩාර ජන සාහිත්‍ය පිළිබඳ පෘථුල අවබෝධයක් සහිත තරුණ පර්යේෂකයෙකි. මෙම කෘතිය දේශීය ජන සාහිත්‍ය කේන්ද්‍ර කොට සිදුකළ කදිම පර්යේෂණයක් බව කිවමනාය.

Details
ISBN
978955666154
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගැමි සන්නිවේදනය

Reviews are published once a member of our team has read them.