Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / හතළිස් ඇඳිරියට පෙර

හතළිස් ඇඳිරියට පෙර

About this book

කවියට බොහෝ නිර්වචන ආදිය බිහි වී තිබේ. නමුත් ඒ සියල්ල අසම්පූර්ණ යැයි හැඟේ. කවිය යනු කවියම ය. නමුත් සම්පූර්ණ වූ කවියක් ලෝකයේ කොහේවත් තවම ලියැවී හමාර යැයි කිව නොහැකිය. එනිසා ම කවි ලියන හැමෝම කරනුයේ ඒ කවිය සම්පූර්ණ කිරීමට උත්සාහ දැරීමක් වැනි දෙයක් යැයි සිතීම ද කාව්‍යාත්මක යථාර්ථයකි. අප ඒ කියූ කවිය සම්පූර්ණ කරන්නට කාංචනමාලා ගීකියනගේ ද මේ ඔස්සේ දායක වෙයි. ඇය සිය සිතුම් ඉතා අපූරුවට මෙසේ වචනයට නඟයි. ජීවිතයේ අනේක විධ මතක ආවර්ජනා, අත්දැකීම් මෙන්ම තමා කම්පනයට පත්කළ සිද්ධි ඔස්සේ ඇය සිය කවිය ගොඩ නඟයි. ලොව තතු සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතුව දකියි.

සිය වෘත්තීමය පසුබිමෙහි සිට ඇය සිය කවියට ලබාදෙන මුවහත් ස්වභාවය බල්ලාට දාපියව් නීතිය’ වැනි කවක ප්‍රකට වන අතර ගුරුවරු ගුරු හොරු හා ගුරු මාරු’ වැනි කවියකින් කරන්නට යන අත්හදා බැලීම කැපී පෙනෙයි. කවි රසිකයා වඩාත් පැහැදීමට නතුකර ගත යුතු යෝග්‍ය මංමාවත් ඇය සූක්ෂමව සොයනු පෙනෙයි. එය මේ කවිය නමැති සියුම් කලාව තුළ විසීමට වැරෙන් ප්‍රගුණ කළ යුතු ගුණයකැයි හැගෙයි.

මේ අයුරින් දිගින් දිගටම කවියේ සිටිමින් ලොව සියුම්ව දකිමින් බසෙන් කරන්නා වූ අත්හදා බැලීම් ආදියෙන් බිහිවන අනාගත මැයගේ කවිය අදටත් වඩා කාංචනමය කවියක් ම වනු දැකීම අපගේ සහෝදරත්වයේ පැතුමයි.

ISBN
9789553133786
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හතළිස් ඇඳිරියට පෙර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.