Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / හිමකඳු පසුකර

හිමකඳු පසුකර

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

පෙරදාක අම්මා ගෙන ආ කොළ පාට කොට කලිසම හා සුදු පැහැ ඇති කමිසය ඇඳගත් මම කිරිඅම්මාගේ විධානයක් එනතුරු දොරකඩට වී වැස්ස දෙස බලා සිටියෙමි. එහෙත් කොහේ යන්නට දැයි නොදන්නෙමි. කිරිඅම්මා දොර ළඟට විත් “කිරි පුතා යමං” යැයි කීවාය. කිරිඅත්තා ගෙතුළ සිට මොනවාදෝ කියනවා ඇසුණි. දොරකඩට හේත්තු කර තිබූ තල් අතු දෙකෙන් එකක් දිගහැර මට දුන් කිරි අම්මා අනෙක දිගහැර ඔළුව ආවරණය කරගෙන යමක් කියවමින් එළියට බැස්සාය. කිරිඅම්මා සමඟ මොරසූරන වැස්සේ මේ ඇරඹූයේ දුර ගමනක පළමු පියවර බව ඇසින් නොදුටු කිසිවකු සටහන් කර ගත්තේදැයි නොදන්නෙමි...

සාධාරණය හෝ අසාධාරණය පුද්ගලයා මත රැඳෙන බවත්, පන්සලක් යනු ආදරය හෝ කරුණාව ලබන තැනක් නොව ජීවිතය පුහුණු කරන තැනත් බවත් පසක් කර ගත්තෙමි. එයට හේතුව ගෙදරක මෙන් නොව පන්සලේ ජීවත් වන සියලු දෙනා ආගන්තුකයන් වන හෙයිනි.

යුග කිහිපයක ජීවත් වූ භික්ෂුවකගේ කඳු හෙල් පසුකර ගිය ගමනක සේයාවකැයි ඔබ මෙය දකින්නේ නම් ඒ මා ලබන සතුටයි.

ISBN
9786242042237
පිටු ගණන (Pages)
209
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිමකඳු පසුකර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.