කැදලිගම අන්දරය
විවෘත ආර්ථිකයත් සමඟ ලාංකේය ජන සමාජයේ සිදු වූ වෙනස්කම් නිර්මාණ තුළින් ඉදිරිපත් කළ මුල් ම ලේඛකයන් අතරට භද්‍රජි ද අයත් ය. කතලුගල අන්දරය ලියුවේ රූපවාහිනී වැඩසටහන් කරන්නට පැමිණි කණ්ඩායමක් නිසා වෙනස් වූ පවුල් පද්ධතියක ඛේදවාචකයක් ලෙසිනි. රංවැල්ලේ අන්දරය තුළින් නව ආර්ථික බලවේග මත දියුණුවන සංචාරක ව්‍යාපාරයට මැදිවීම නිසා බිඳවැටෙන ගම පිළිබඳව ඔහු කතා කළේ ය. රුපියල්වලින් ආලෝකවත් වූ නොමිනිස්කම්, නොපනත්කම් හා බලවත්කම් තුට්ටුවකට මායිම් නොකළ සයුර බිඳ ආ සුනාමිය විසින් සියල්ලට ම වඩා සොබාදහම බලවත් බව පසක් කළ වග කැදලිගම අන්දරය තුළින් ලියා අන්දර ත්‍රිත්වය අවසන් කරයි.
කතලුගලින් රන්වැල්ලටත් එතැනින් කැදලිගමටත් ගලා ආ තිලකා, බොබී, සැම්සන්, ලලිතා, නිලූක, සුමන සුමන ආදින්ගේ ජීවිත උපේක්ෂාවෙන් දකිමින් සිය නිර්මාණ චාරිකාව යන භද්‍රජි මහින්ද ජයතිලක ලේඛකයෙක්, ගායකයෙක්, චිත්‍රශිල්පියෙක් ආදි වූ බොහෝ ක්‍ෂේත්‍රයන්හි සිය හපන්කම් පෙන් කලාකරුවෙකි. වාර්ෂිකව සිය රසික සහෘදයන් දකින්නට ලක්බිමට වන චාරිකාවේ සිහිවටනයක් ලෙස මෙවර කැදලිගම අන්දරය’ සාහිත්‍ය මාසයේදී දොරට වඩී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.