කැදලිගම අන්දරය

Special Price රු. 1,071.00 Regular Price රු. 1,190.00
In stock
SKU
kadaligama-andaraya-badraji-mahinda-jayathilake-samanthi

විවෘත ආර්ථිකයත් සමඟ ලාංකේය ජන සමාජයේ සිදු වූ වෙනස්කම් නිර්මාණ තුළින් ඉදිරිපත් කළ මුල් ම ලේඛකයන් අතරට භද්‍රජි ද අයත් ය. කතලුගල අන්දරය ලියුවේ රූපවාහිනී වැඩසටහන් කරන්නට පැමිණි කණ්ඩායමක් නිසා වෙනස් වූ පවුල් පද්ධතියක ඛේදවාචකයක් ලෙසිනි. රංවැල්ලේ අන්දරය තුළින් නව ආර්ථික බලවේග මත දියුණුවන සංචාරක ව්‍යාපාරයට මැදිවීම නිසා බිඳවැටෙන ගම පිළිබඳව ඔහු කතා කළේ ය. රුපියල්වලින් ආලෝකවත් වූ නොමිනිස්කම්, නොපනත්කම් හා බලවත්කම් තුට්ටුවකට මායිම් නොකළ සයුර බිඳ ආ සුනාමිය විසින් සියල්ලට ම වඩා සොබාදහම බලවත් බව පසක් කළ වග කැදලිගම අන්දරය තුළින් ලියා අන්දර ත්‍රිත්වය අවසන් කරයි.

කතලුගලින් රන්වැල්ලටත් එතැනින් කැදලිගමටත් ගලා ආ තිලකා, බොබී, සැම්සන්, ලලිතා, නිලූක, සුමන සුමන ආදින්ගේ ජීවිත උපේක්ෂාවෙන් දකිමින් සිය නිර්මාණ චාරිකාව යන භද්‍රජි මහින්ද ජයතිලක ලේඛකයෙක්, ගායකයෙක්, චිත්‍රශිල්පියෙක් ආදි වූ බොහෝ ක්‍ෂේත්‍රයන්හි සිය හපන්කම් පෙන් කලාකරුවෙකි. වාර්ෂිකව සිය රසික සහෘදයන් දකින්නට ලක්බිමට වන චාරිකාවේ සිහිවටනයක් ලෙස මෙවර කැදලිගම අන්දරය’ සාහිත්‍ය මාසයේදී දොරට වඩී.

Author භද්‍රජි මහින්ද ජයතිලක - Badraji Mahinda (18)
Publisher සමන්ති පොත් ප්‍රකාශකයෝ Samanthi (140)
More Information
ISBN 9786242010106
පිටු ගණන 208
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කැදලිගම අන්දරය
Back to Top