Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සූරිය ගේ කාව්‍ය භාෂාව දෙස බැලීමට සිත යොමාලන විශේෂතා කීපයකි. අතර මුල් ගණයට ගෙන ලිවිය යුත්තේ ඔහුගේ භාෂා ධ්වනිය ගැන ය. පද වදන් ධ්වනිගතව රිද්මයානු තානයකින් ගොතා බඳින ඔහුගේ ශූරත්වයට ඇගයුමක් දිය යුතුය. නිරායාසවම සහෘද පැදි බසින් ගීතමය ස්වර මානයකට හරවන එකී කෞෂල්‍යය වෙහෙසේ ය. නූතන පද තාලයන් වල රැදී රැදෙන්නට සූරිය හපන් කමක් පෑ මතු වීමක් සේ එය දකිමි.

අන් අතකින් සූරියගේ ශෘංගාරාත්මක ලිවිම ගැන දීර්ඝව හිතන කල්හි සිංහල සාහිත්‍යයේ ශෘංගාරාත්මක ලිවිමේ දිගු කතාවක් මා හට මෙනෙහි වෙයි. මහාවංශය නම් ලාංකීය ජාන වංශකතාවල පවා පද බැදුමට මුල් නිමිත්ත සේ ශෘංගාරය මූලික වි ඇත. එය සීගිරි කැට බිතේ කවි පැදින් දිගුවට ගලා විත් ඇති සීතල සාහිත්‍යය මහා පදාසයකි. පළවෙනි සේන රජතුමාගේ දෘඩ තහනම නිසා සියබසලකරින් පසු ලාංකික සාහිත්‍යය ශෘංගාරාත්මක ඉඩට තහනමක් පැනවිණ. එනමුදු රජෙකු පැනවූ තහනම ලිහා ගැනුමට රජෙක් විසින් කටයුතු කිරීම සිදු වන්නේ මේ සමග ය. ඒ දෙවන පරාක්‍රමබාහු රජු විසින් කව්සිළුමිණ ඔස්සේ යලි සීතල සාහිත්‍යයෙහි ශෘංගාර කලාපයට දොර හැර දීමත් සමගය. ඉන් ඉක්බිතිව, සංදේශයන් හරහා කෝට්ටේ යුගය යළි උද්දීප්තව ගලා යයි. මාතර යුගයේ කොළඹ කවියට නැගෙන ශෘංගාර සාහිත්‍යයේ භාව කිමිදීම මිමන ප්‍රේමතිලක අතින් දිග හැරේ. කෙසේ හෝ එක් සිංහල සාහිත්‍යය පද්‍යසාර කොටු පවුරේ සිර ගතකොට හැගීම් විරහිත කරණය වන නපුරු දශක ගණනාවක් ගලා ගියේ කැරැල්ලට ඉඩ සදමිනි.

ඒ අනුව සූරිය ඒ කැරැල්ලේ පද පද්‍යමය වෙඩිල්ල නිර්භයව මුද්‍රාවේ තබන්නට පටන් ගති. ඔහුගේ කවි බස සංයමයකින් තොරව ගලා යන භාව චමත්කාරමය යමකි. එය සංයමය හැදෑරීමක උද්වේගමය දිග හැරීමක් බව කිව යුතුය. පද හා ධ්වනිය අතර ලගන්නා සුළු පැහිම අගතැන් ය. ඒ අතර කාව්‍ය භාෂාවට එලා ගොතන උපමා භාවිතය නවමු ය. කවිය අමුවට ගෙන යන ඔහු එම අමුවට ලාල ලාලිත්‍යය සේ ඔප් නංවාලයි. එය සූරියගේ විස්කමක් වැනි ය. සිංහල කවියේ පරිකල්පනීය වපසරිය දැන් දිගු සේ පැතිර යන්නට මේ ශෘංගාර කඩාවැදීම මෙහෙවරක් වනු ඇත. කවිය නිර්භයව නව මානයන් වලින් පොහොසත් අයෙකු විය යුතු ම වේ. ඒ නමින් සූරිය පෙරටුකොට ගත් නව කවි පරපුරක මතු විමකි.

තවදුරටත් සූරිගලා යනු ඇත. ඒ ඔහට ඔහු කරන පද අතරින් විකසිතමය ලෙස මතු වෙමින් ය. සූරිය අත තබා ඇති කාව්‍ය ප්‍රවේශය ඔහුම වර්ධනීය ඉවක් කරා පෘථුල කරගත හැකි නිසග ප්‍රභාවකින් යුක්ත ය. සූරියගේ ප්‍රභාමත් පද සකූ පාලි භාෂා ප්‍රාණ පෑහීමකින් සිදු වන්නේ නම් සූරියට දිගු අනාගතයක් හිමි වනු නොඅනුමාන ය. කෙසේ නමුත් උතුරාලන හැගුම්කාරකයන්ගෙන් සීතල කවිය ශෘංගාරාත්මක භාවයෙන් ඔපමට්ටම්

කොට තැබිමට සූරියට නිමේෂයක් හිමිව ඇති බව කිව යුතුය. ඒ නොනවතින ලිවිම විසින් සීතල කවියේ ළය මානයේ යුග හැඩය ගැන සූරියට පරිච්ඡේදයක් හිමිවනු නොඅනුමාන ය.

සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත

ISBN
9786245658527
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.