Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කර්ම
About this book

අප දැනට දරා සිටින අපේ වර්තමාන නිර්මාණය හෙවත් ස්වරූපය අතීතයේ දී අප විසින් සිදු කරන ලද යම් යම් ක්‍රියාවන්ගේ හේතුඵලයකි. මුල් ආකෘතික යොමුවට අනුව ධර්මයේ අන්තර්ගතය මානසික ක්‍රියාවන්ය. අපේ ක්‍රියාවන් තුළින් අනෙක් අයට හානි පැමිණවීමෙන් අපි අපේම නිලීන වද වේදනාවල බර නිර්මාණය කර ගනිමු. අපි කුරිරු වෛර සිතිවිලි සිත් තුළ ජනිත කර ගනිමින් අවසානයේ දී කටුක පල විපාක ළඟා කර ගනිමු. 

දුෂ්ට චේතනාවන් වූ තෘෂ්ණාව, කෑදරකම සහ වෛරය පාලනය කළ නො හැකි හික්මවිය නො හැකි හා කෙනෙකුගේ යහපතට මඟ පෙන්විය නොහැකි අන්ධ දේවල්ය. ඒ සියල්ල විසින් මනුෂ්‍යත්වය යොමු කරවනු ලබන්නේ කර්මානුරූප කරදර හා අනේක විධ දුක්ඛ දෝමනස්සයන් වෙතය. කෙනෙකුගේ සිතෙහි පවත්නා ආවේගයන් හා ඔහු ඉහත ආත්ම භාවයන්හි ගත කළ ජීවිතවලින් ගෙන එනු ලැබූ නැඹුරුවීම් ද මත ඔහුගේ හොඳ හෝ නරක රැඳී තිබේ. කර්මයේ බලපෑම් ඇති කරන නියෝජිතයා සිතයි. දුෂ්ට බලවේග යනු අපේම දුෂ්ට සිතිවිලිය. ලෝකයට නිදහස ලැබෙනු ඇත්තේ මිනිසුන් තම සිත් දුෂ්ට බලවේගවලින් නිදහස් කර ගැනීමෙන් ඉක්බිතිවය. “යාදිසං වපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං” නෙළා ගැනීමට ලැබෙන්නේ වැපිරූ ජාතියේ අස්වැන්න ය.

ISBN
9789555519243
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කර්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.