කර්ම

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
karma-thilaka-kudahetti-dayawansha

අප දැනට දරා සිටින අපේ වර්තමාන නිර්මාණය හෙවත් ස්වරූපය අතීතයේ දී අප විසින් සිදු කරන ලද යම් යම් ක්‍රියාවන්ගේ හේතුඵලයකි. මුල් ආකෘතික යොමුවට අනුව ධර්මයේ අන්තර්ගතය මානසික ක්‍රියාවන්ය. අපේ ක්‍රියාවන් තුළින් අනෙක් අයට හානි පැමිණවීමෙන් අපි අපේම නිලීන වද වේදනාවල බර නිර්මාණය කර ගනිමු. අපි කුරිරු වෛර සිතිවිලි සිත් තුළ ජනිත කර ගනිමින් අවසානයේ දී කටුක පල විපාක ළඟා කර ගනිමු. 

දුෂ්ට චේතනාවන් වූ තෘෂ්ණාව, කෑදරකම සහ වෛරය පාලනය කළ නො හැකි හික්මවිය නො හැකි හා කෙනෙකුගේ යහපතට මඟ පෙන්විය නොහැකි අන්ධ දේවල්ය. ඒ සියල්ල විසින් මනුෂ්‍යත්වය යොමු කරවනු ලබන්නේ කර්මානුරූප කරදර හා අනේක විධ දුක්ඛ දෝමනස්සයන් වෙතය. කෙනෙකුගේ සිතෙහි පවත්නා ආවේගයන් හා ඔහු ඉහත ආත්ම භාවයන්හි ගත කළ ජීවිතවලින් ගෙන එනු ලැබූ නැඹුරුවීම් ද මත ඔහුගේ හොඳ හෝ නරක රැඳී තිබේ. කර්මයේ බලපෑම් ඇති කරන නියෝජිතයා සිතයි. දුෂ්ට බලවේග යනු අපේම දුෂ්ට සිතිවිලිය. ලෝකයට නිදහස ලැබෙනු ඇත්තේ මිනිසුන් තම සිත් දුෂ්ට බලවේගවලින් නිදහස් කර ගැනීමෙන් ඉක්බිතිවය. “යාදිසං වපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං” නෙළා ගැනීමට ලැබෙන්නේ වැපිරූ ජාතියේ අස්වැන්න ය.

Author තිලක කුඩාහෙට්ටි - Thilaka Kudahetti (46)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555519243
පිටු ගණන 207
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කර්ම
Back to Top