Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා

කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා

About this book

කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා නිමාෂි ප්‍රනාන්දු මහත්මියගේ කුළුදුල් විද්‍යා ප්‍රබන්ධ කතා එකතුවයි.ඇය මීට පෙර විදුසර විද්‍යා සඟරාවට විද්‍යා ප්‍රබන්ධ රචනා කර ඇති අතර එයින් සමහරක් මේ කෘතියෙහිද ඇතුළත් වී ඇත.

නිමාෂිගේ විශේෂත්වය වන්නේ ඇයගේ සෑම ප්‍රබන්ධ රචනයක්ම ස්ව තන්ත්‍ර කතාවක් වීමයි.එය විශේෂයෙන්ම අගය කල යුතු කරුණක් වන්නේ බොහෝ ප්‍රවීණ ලේඛකයන් පවා ජනප්‍රිය වී ඇත්තේ පරිවර්තන කෘති හරහා බැවිනි.නිමාෂි සතුව පොහොසත් පරිකල්පන හැකියාවක් ඇති අතර ඒ තුල විචිත්‍රවත් ලෙස චරිත හා සිදුවීම් ඇය පෙළ ගස්වයි.එමෙන්ම ඇයට එකම කතාව විවිධ ආකාරයෙන් නිමා කිරිමේ විරල හැකියාවක් ඇත.විදුසර පුවත්පතට ඇය ඉදිරිපත් කල ඇතැම් ප්‍රබන්ධයක අවසානය වෙනස් ආකාරයකින් වූයේ නම් මැනවැයි අප යෝජනා කළ අවස්ථාවල ඇය නො පැකිළ එහි අවසානය පෙර තිබූ ආකාරයෙන් වෙනස් කොට වඩාත් සාර්ථක ලෙස සකසා එවු අවස්ථා තිබිණි.මේ නම්‍යශිලී බවද නවක ලේඛකයන් ගෙන් පවා බොහෝ විට අපේක්ෂා කළ හැකි ගුණයක් නොවේ.

නිමාෂි ප්‍රනාන්දු ගේ තවත් විශේෂත්වයක් වන්නේ ඇය සිය ප්‍රසිද්ධ ලේඛන දිවිය ආරම්භ කළේ ඉංග්‍රීසි පුවත්පතකින් වීමයි.එක් භාෂා මාධ්‍යයකින් ස්ථාවර වූ ලේඛකයන් තවත් මාධ්‍යකට පිවීසීමේ දි අපහසුතාවලට මුහුණ දෙන නමුත් නිමාෂිගේ ලේඛන කෙරෙන් එවැන්නක් අප දුටුවේ නැත.

බොහෝ අයට නිර්මාණ කටයුතුවල යෙදීමට වෘත්තිය කටයුතු හරස් වෙයි.සිය වෘත්තිය දිවිය බලශක්ති ක්ෂේත්‍රයේ ගත කරන නිමාෂි මෙවැනි නිර්මාණකරණ කටයුතුවලට දක්වන දක්ෂතාව සහ කැප වීම අගය කළ යුතු ය.විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ රචනය වැනි බැරූරුම් නිර්මාණ කටයුත්තක සාර්ථක ලෙස නියැලිය හැකි පිරිස් ඉතා විරල බව අත්දැකීමෙන් දනිමු .එබැවින් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය පෝෂණය කිරීමට ඉදිරිපත් ව සිටින නිමාෂි වැනි නව පරපුරේ ලේඛකයන් ලේඛිකාවන් දිරිගැන්වීමට විධිමත් වැඩපිළිවෙලක් තිබිණි නම් මැනවැයි සිතේ. මෙරට පාඨකයන් තුළ තුළ විද්‍යා ප්‍රබන්ධ කෘති කියවීමේ පුරුද්ද ඉහළ නැංවීමේ ලා අගනා වැඩකොටසක් ඉටු කරමින් සිටින එස් ඇන්ඩ් ටී යනු ආතර් සී ක්ලාක් ගේ ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ රැසක් ප්‍රමුඛ විද්‍යා ප්‍රබන්ධ කෘති රැල්ලක් ම මෙරට පාඨකයන් අතට මේ වන නිට පත් කර ඇති අායතනයකි.නවක ප්‍රවීණ භේදයකින් තොරව විද්‍යා ප්‍රබන්ධ සාහිතය පෝෂණය කරීමට ඔවුන් ඉදිරිපත් වීම ද විශේෂයෙන් අගය කරමි.

රාජේන්ද්‍ර කුලසිංහ

ISBN
9789551080334
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.