Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මධුශාලා
About this book

ප්‍රියාදරිය, ඔබ මට මධුවකි

හිස් බඳුන සේ මම වැලැපෙමි

එහෙත් මා පිරී ඇත ඔබ ගෙන්

පානය කරන්නී ඔබ ය එය නැඹුරු කර දෙ තොල

 

ඔබේ උතුරා යන මධුවිතය මම 

බමන සංවේදනා හා මුසු ව තොල ගායි ඔබ මා;

එක්ව හිඳිනෙමු සහානුකම්පාවෙන් නිබඳ 

එසේ ය, මධුගෘහය වී අප උනුන් හට

නූතන හින්දි කාව්‍ය ලෝකයෙහි කවීන් අතර බච්චන් කවියා ප්‍රමුඛස්ථානය හොබවන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු ගේ "මධුශාලා" කාව්‍යය ඛයියාම් ගේ "රුබායියාත්" කාව්‍යයට බෙහෙවින් සමානකම් ඇති නිර්මාණයකැයි පැවැසීමට ඉඩ ඇත. කුමක් හෙයින් ද යත් ෆිජ්ජෙරල්ඩ් "රුබායියාත්" කාව්‍යය මඟින් ඉංගිරිසි කාව්‍ය රසිකයන් කෙරෙහි ඇති කළ බලපෑම, බච්චන්කවියා "මධුශාලා" කාව්‍යය මඟින් හින්දි කාව්‍ය රසිකයන් තුළ ඇති කළ බැවිනි. ඡායාවාද් හෙවත් සංකේතවාදී කාව්‍ය රීතිය අනුව බච්චන් කවියා, "මධුශාලා" කාව්‍යයෙහි ලා මධුව ද, සාකී ද (මධුබෙදන්නිය), මධුබඳුන හා මධුශාලාව ද ජීවිතයෙහි ස්වභාවයනිරූපණය කරනු පිණිස භාවිත කරයි.

ISBN
9789556562897
පිටු ගණන (Pages)
133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මධුශාලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.