මුතු වසන්තය
අපි ඉන්න මේ අරිප්පුව බොහොම ශාන්ත දාන්තයි මුතු කඩන්නැති කාලෙට. උඹ දන්නවනෙ ඒක. හැබැයි පුතේ මුතු කඩන්න එන්නෙ එක එක රටවල්වල එක එක ජාතියෙ උන්.... සමහරුන්ට ගෑනියෙක් දැක්කොත් ඉන්න බෑ... කොච්චර මුලාදෑනි හිටියත් ඒක එහෙම තමයි.. මහ පොළොවයි මහමූදයි එක්ක පොර බදන්න පුළුවන් උන් තමයි මෙහාට මුතු කඩන්න එන්නේ. උන් මහ වසවර්තියො. ඒ අස්සෙ හොරුත් ඉන්නවා. පාදඩයොත් ඉන්නවා. උන්ට හිරි ඇර ගන්න ගෑනුත් ගේනවා. ඒ ගැනු ඉන්න තැනට කියන්නෙ ගෑනු කොටුව කියල... මං උඹට මේවා කියල දෙන්නෙ උඹ දැන් මහ ගෑනියක් හන්දා...”
...................................................................
මන්නාරම් බොක්ක යට අරිප්පුවේ තඹ පාට වෙරළ අනාදිමත් කාලයක සිට මුතු බෙල්ලන් කඩන ධීවරයන්ගේ පහස ලැබීය. එය ලක්දිව මුතු අගනුවර විය. අවුරුද්දේ තුන් මාසයක් අරිප්පුවේ පදිංචියට එන තිස් දහසක් ජනී ජනයෝ එහි රැඳී මුහුදු බෙල්ලන්ගේ කටු තුළ සැඟවී ඇති මුතු සොයා දිවි පරදුවට තබති. එම තාවකාලික නගරය එතෙර මෙතෙර වෙළෙඳුන්ගෙන්, නාට්‍ය ශාලා වලින්, නාටිකාංගනාවන්ගෙන්, පාදඩයන්ගෙන්, බත් කඩ වලින් ආදී නගරයක ඇති සියලු දෙයින් පරිපූර්ණව පැවැති බව කියැවේ. ලක්දිව එම මුතු අගනුවර පොල් අතු වලින් ඉදිවු නගරයක් විය. කොලොම්තොට සිට සැතපුම් එකසිය පනහක් දුරින් වසරේ තුන්මාසයක කාලයක් මුතු කැඩීම සඳහා ඉදිවන " මුතු නගරයට " යන එන ගොඩබිම් පාරක් නොවීය. අඩිපාරවල් ඇතත් ඒ සියල්ල අලි කොටි වග වලසුන් සිටින මහ කැලෑ මැද්දෙනි. "මුතු වසන්තය " අරිප්පුවේ මුතු කැඩූ එම සෞභාග්‍යමත් සමය ඇසුරින් ලියූ නවකතාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.