Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නමට පෙම

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔස්කාර් වයිල්ඩ්ගේ The Importance Being Earnest නාට්‍යයේ පරිවර්තනයකි.

ඔස්කා වයිල්ඩ් නූතන යුගයක ෆාස් (farce) නාට්‍ය රංගයේ පුරෝගාමී රචකයෙකි. සමකාලීන සමාජ ජීවිතය ඔහුගේ තාර්කිකත්වයෙන් අපූර්ව වූ හාස්‍යය මතු කළද එය යම් තලයක සමාජ විවේචනයට ද බඳුන් වේ. තව ද එය ගැඹුරු හා සියුම් නාට්‍යමය ඥානයකින් පරිපූර්ණ වේ. උත්ප්‍රාසයෙන් පිරුණු ඔහුගේ නාට්‍යමය බස ලෝකයේ ඕනෑම දේශයක බසකට අනුවර්තනය වෙමින් ප්‍රේක්ෂකාගාරය විචාරාත්මක අවදිවීමකට යොමු කරයි. මතුපිට හාස්‍ය (Physical humour) ඉක්ම වූ සමාජ විවරණය සිංහල බසින් අල්ලාගන්නට ස්වර්ණානද ගමගේ මෙම පරිවර්තනයේ දී සමත් වී ඇතැයි සිතමි. නාටකයේ එන නාම මාත්‍රයන් වික්ටෝරියානු වුව ද ඔවුන්ගේ මුවින් ගිලිහෙන වදන් හා අරුත් උත්ප්‍රාසාත්මකව අපේ රටේ ගෘහස්ථ ගත ජීවිතය හා අතිශයින් සමීප වෙයි. ස්වර්ණානන්ද ගමගේ ඒ සමීප කිරීමෙහිලා නාට්‍යයෝජක බසකින් රසෝත්පාදනයට සමත් වෙයි. ඔහු වික්ටෝරියානු ජීවිතය ඉක්මවා සමකාලීන ලාංකේය ජීවිතය දෙස ප්‍රහසනාත්මක ආමන්ත්‍රණයකට නමට පෙම " නම් වූ The Importance of Being Earnest පරිවර්තනයේ දී සමත් වේ. මෙය ඔහුගේ කුළුදුල් නාට්‍ය පරිවර්තනය වුව ද මෙහි දී යම් පරිණත භාවයක් සනිටුහන් කිරීමට ඔහුට හැකිවී ඇත්තේ ඉංග්‍රීසි මෙන්ම සිංහල නාට්‍ය ඉගැන්වීමෙන් ලබාගෙන ඇති යම් පරිචයක් නිසා බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

ප්‍රියංකර රත්නායක

ISBN
9789553130457
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නමට පෙම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.