Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / පශ්චාත් නව්‍යවාදය

පශ්චාත් නව්‍යවාදය

About this book

මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණි ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන හා තීක්ෂ්ය බුද්ධියෙන් යුතු විද්වතකු ලෙස ප්‍රකට ය. සිය ප්‍රථම උපාධිය පිණිස සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි විෂයයන් තෝරාගත් ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය උපාධිය අධ්‍යයනය සඳහා විෂය කරගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය යි. 1975 දී අධිශිෂ්‍යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියේ සිදු කළ පශ්චාත්-ආචාර්ය උපාධි අධ්‍යයනයන් සඳහා ඔහු සන්නිවේදනය හා සිනමාව විෂය කරගත්තේ ය.

කවියකු, විශිෂ්ට සාහිත්‍ය විචාරකයකු හා සන්නිවේදන විෂයෙහි පුරෝගාමී විද්වතකු වූ දිසානායක මහතා 1979 දී හවායි සරසවියේ 'ඊස්ට්-වෙස්ට්’ ආයතනය හා පර්යේෂණ විද්වතකු ලෙස සම්බන්ධ වී එහි සංස්කෘතික හා සන්නිවේදන අධ්‍යයන අංශයේ සහාය අධ්‍යක්ෂ ලෙස සේවය කළේ ය. එහි දී ආසියානු සිනමාව, සන්නිවේදනය, සංස්කෘතිය හා ඥන උත්පාදනය යන විෂය ක්ෂේත්‍රයන් අලළා ඔහු විසින් රචනා කරන ලද කෘති තිහකට අධික සංඛ්‍යාවක් බටහිර ප්‍රමුඛ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයයන් මඟින් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අතරින් ඩියුක් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයයෙන් ප්‍රකාශිත Global/Local: Cultural Production and the Transnational Imaginary (1998) යන කෘතිය (මෙය කැලිෆෝනියා සරසවියේ ඉංග්‍රීසි මහාචාර්ය රොබ් විල්සන් හා සමකතෘත්වයෙනි) පශ්චාත් නව්‍යවාදය හා සැබැඳුණු හැදෑවල දී බටහිර විශ්වවිද්‍යාලයවල භාවිත කරනු ලැබේ. මහාචාර්ය විමල් දිසානායක මහතා ගේ නව ශාස්ත්‍රීය කෘතියක් මෙ සේ සිංහලයෙන් පළ වනුයේ දශක දෙකකටත් වැඩි කාලයකට පසු ව ය. මෙහි දී ඔහු අවුරුදු විස්සකට වැඩි කාලයක් පුරා පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ පාඨමාලා ඇමරිකානු හා ආසියානු සරසවිවල ඉගැන්වීමෙන් ලද පරිචය හා මේ විචාර සංකල්පය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි විශාල සංඛ්‍යාවක් ලිවීමෙන් ලද අත්දැකීම් පාදක කරගෙන ඇත. පැතිරුණු ශාස්ත්‍ර ඥානයෙන් හා ස්වාධීන විචාර බුද්ධියෙන් පිරිපුන් විද්වතුන් අත්‍යවශ්‍ය මොහොතක කෙරෙන ඔහු ගේ මැදිහත් වීම සිංහල පාඨක ලෝකයේ අපේක්ෂා දල්වන්නකි.

ISBN
955917049x
පිටු ගණන (Pages)
147
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පශ්චාත් නව්‍යවාදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.