රටේ වෙනසට
ජීවත්වීමේ නිදහස මෙන්ම, යහපත් දිවි පෙවතක් ගත කිරීමට රට වැසියන්ට තිබෙන අයිතිය රැක දීම ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මවලට අනුගත රාජ්‍ය පාලනයක වගකීම වේ. ඒ වගකීම ඉටු නොවන්නේ නම්, මිනිස් අයිතිවාසිකම් පාලකයන්ගේ අදූරදර්ශී පිළිවෙත් ඔස්සේ උල්ලංඝනය වන්නේ නම්, ඒවා රැක ගැනීමට මැදිහත් වීම සිවිල් සමාජයේ වගකීම වේ. පසුගිය කාලය තුළ සිවිල් සමාජය නියෝජනය කරන බහුතරයක් ඒ වගකීම පැහැර හරිමින් කටයුතු කළ බව සත්‍යයකි. ඇතමුන් කල දුටු කල වළ ඉහගෙන කන විපරීත තත්වයකට පත් වූ බව ද සත්‍යයකි. රාජ්‍ය දේපළ සහ රාජ්‍ය ධනය අවභාවිත කිරීම අති දරුණු තත්වයකට පත් විය. නීතියේ ආධිපත්‍ය සාපරාධී අන්දමින් රාජ්‍ය බලය ඉවහල් කරගෙන කෙලෙසීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු ධර්මතා සාපරාධී අන්දමට විනාශ වූයේ සාහසික ස්වරූපයකිනි. නිදහස් අදහස් පළ කරන්නන් නිහඬ කෙරිණි. රටේ යුද බිය නැති වුව මර බිය රට වැසියන්ට දැනෙන්නට විය. රාජ්‍ය යාන්ත්‍රණයේ සැහැසි ස්වරූපය සිවිල් සමාජය නියෝජනය කරන සංවේදී පුරවැසියන්ට පැහැදිලි වුව, රටේ වෙනසක් සඳහා මාවතක් නැති තත්වය් තිබිණි.තතු කෙසේ වුව, රටේ වෙනසක් සඳහා සිවිල් සමාජයේ ඇතැම් පුද්ගලයන් ශක්ති ප්‍රමාණයෙන්, අවධියෙන් කටයුතු කළ බව ද කිව යුතුය. එසේ අවධියෙන් කටයුතු කළ පුරවැසියෙකු වරින් වර පළ කළ අදහස් සහ රටේ වෙනසකට මාවතක් විවෘත වුණ අවස්ථාවේ ඊට දායක වෙමින් පළ කළ අදහස් මේ කෘතියෙහි සංගෘහිතය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.